( සිතුම් චතුරංග )
වවුනියාව ප‍්‍රදේශයේ දුම්රිය හරස්මාර්ගවල ස්ථාපිත කර ඇති සංඥා අලූත්වැඩියා කර දුම්රිය ගේට්ටුකරුවන් යොදවන ලෙස ඉල්ලා වවුනියාව තාණ්ඩිකුලම ප‍්‍රදේශවාසීහූ පිරිසක් අද (15) තාණ්ඩිකුලම දුම්රියපොල ආසන්නයේදී දුම්රිය මාර්ගය අවහිර කරමින් විරෝධතාවක නිරතවූහ.
මේ හේතුවෙන් කන්කසන්තුරය සිට කොළඹ බලා ධාවනය වන සීඝ්‍රගාමී දුම්රිය මිනිත්තු 20ක් පමණ ප්‍රමාද විය.
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගවල ඉදිකර ඇති දුම්රිය ආලෝක සංඥා දීර්ඝ කාලයක සිට ක‍්‍රියා විරහිත වී ඇති බවත් එම ආලෝක සංඥා අලුත්වැඩියා කරන ලෙස දුම්රිය දෙපාර්තමේන්තුවට දන්වා සිටියද මේ වන තෙක් අලූත්වැඩියා නොකළ බව විරෝධතාකරුවෝ පැවසූහ.
එම ස්ථානය වෙත පැමිණි වවුනියාව සහකාර පොලිස් අධිකාරී පියසිරි ප‍්‍රනාන්දු , වවුනියාව අතිරේක දිස්ත‍්‍රික් ටි.තිරේෂ්කුමාර් යන මහත්වරුන් පැමිණ ගැටළුවට කඩිනම් විසදුම් ලබාදෙන බවට පොරොන්දු වීමෙන් අනතුරුව ප‍්‍රදේශවාසීහු විරෝධතාව අවසන් කර දුම්රිය ගමනාගමනයට ඉඩ ලබා දුන්හ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
තාණ්ඩිකුලම වැසියෝ දුම්රිය මග අහුරති