පුත්තලම - ජුඩ් සමන්ත
හලාවත - කුරුණෑගල මාර්ගයේ මුනනේෂ්වරම දේවාලයට ආසන්නයෙන් වූ වියළී පන් යායක හටගත් ගින්නක් අක්කර 15 ක පුරා පැතිර ගොස් ඇතැයි පොලිසිය කියයි.
වැසි කාලයේදී ජලයෙන් යටවන මෙම භූමිය තුළ ස්වාභාවිකවම පැතිර යන “පන්” ප්‍රදේශයේ ඇතමුන්ගේ ජීවනෝපායට රුකුලක් වන බවත් පවතින දැඩි පෑවිල්ල නිසා එම පන් විශේෂය වියලී ගොස් තිබීම නිසා ගින්න සීඝ්‍රයෙන් පැතිර ගියේය. හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය,හලාවත ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන් එක්ව නිවා දමන ලදි.
ගින්න සමග හට ගත් දුම හේතුවෙන් හලාවත - කුරුණෑග මාර්ගයේ ගමනා ගමන කටයුතු වලටද සුළු බාධාවක් ඇති විය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd