(චන්දන ප්‍රනාන්දු )
වෙන්නප්පුවේ මහා පරිමාණ සත්ව නිෂ්පාදන ආයතනයකට පිරිසිදු ජලය මුදාහැරිමට ලබා දුන් බලපතක් භාවිතා කර උතුරු දුම්මලදෙණිය ප්‍රදේශයෙන් ගිංඔයට අප ජලය බැහැර කිරිමේ වැඩපිළිවෙලක් අනාවරණය වූ බව වෙන්නප්පුව ප‍්‍රාදේශිය ලේකම් කාර්යාලය පවසයි.
වසර ගණනාවක සිට වයඹ පළාත් පරිසර අධිකාරියෙන් ලබාගත් බලපතක් භාවිතා කර පිරිසිඳු ජලය මුවාවෙන් මෙම අප ජලය ගිංඔයට මුදාහැර ඇති බවට තොරතුරු ලැබි ඇතැයි වෙන්නප්පුව ප‍්‍රාදේශිය ලේකම් සුජීවා ප‍්‍රනාන්දු මහත්මිය පැවසුවාය.
මෙම අප ජලය ගිංඔයට මුදාහැරිම නිසා වර්ග මීටර් 20 ක් පුරා එම ජලය පැතිරෙන ආකාරය නිරික්ෂණය වූ බවත් ජලයේ සාම්පල් පරික්ෂා කර මෙම අප ජලය මුදා හැරිම සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනිමට කටයුතු කරන බවත් වෙන්නප්පුව ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි රුවන් පෙරමිණ මහතා පැවසිය.
“අපේ ආයතනය ගිංඔයට මුදා හරින්නේ පිරිසිදු කරපු ජලය ඒක මට වගකිමෙන් කියන්න පුලුවන් මම දන්නේ නැ මේක කොහොමද වුණේ කියලා.මමත් පරිසරයට ආදරය කරන මිනිහෙක්ගමම මේ ගැන සොයා බලන්නම් “යැයි එම ආයතනයේ සභාපතිවරයාගෙන් කළ විමසීමකදී පැවසීය.



2025 නොවැම්බර් මස 04
701
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2371
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1738
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘දුම්මලදෙණියෙන් ගිංඔයට අප ජලය මුදා හරියි‘