[මතුගම බන්දු තඹවිට]
බුලත්සිංහල ,පානදුර ,කළුතර දකුණ ප්‍රදේශවල නිවාස බිඳ දේපල සොරකම් කිරීම සම්බන්ධයෙන් දිවයිනේ නමගිය අපරාධ කරුවකු සොරකම් කල භාණ්ඩ රැසක් සමග කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකය අත් අඩංගුවට ගෙන ඇත.
රාත්‍රී කාලයේ නිවාස බිඳ දේපල සොරකම් කිරීම් පිළිබඳව මෙම සැකකරුට විරුද්ධව පැමිණිලි රාශියක් ලැබී ඇති අතර අත් අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු සන්තකයේ තිබී රන් ආභරණ,ජංගම දුරකථන,ඩිජිටල් කැමරා ඇතුළු සොරාගත් භාණ්ඩ රැසක් පොලිසිය අත් අඩංගුවට ගෙන ඇත.
යටගම්පිටිය ප්‍රදේශයේ පදිංචි කරුවෙකු වන මෙම සැකකරු ප්‍රදේශයෙන් පලා ගොස් සිටියදී කළුතර කොට්ඨාශ නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් විසින් බුලත්සිංහල අමරගෙදර ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකක්ද ඉතින් නම?
නමගිය හොරු අල්ලන්නනම් ඉතින් දියවන්නාව පැත්තේ යන්න. ඒ හොරු එක්ක බලපුවම මේ ඇල්ලුවා කියන හොරා ලුණු බිකක් තරම්වත් නෑ