ඉංගිරිය හඳපාන්ගෙඩ ප්‍රදේශයේ දී මෙරට නිෂ්පාදිත ගිනි අවි දෙකක් සහ උණ්ඩ 4ක් හා තහනම් පිහියක් ළඟ තබාගත් තරුණයකු සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සංවිධානාත්මක අපරාධ කොට්ඨාස නිලධාරීනට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. කිසියම් අපරාධයකට ළඟ තබාගත්තාදැයි පොලිසිය සැකකරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙරට ගිනි අවි නිෂ්පාදනයන කරන අය සොයා ඔවුන් නිත්‍යානුකුලව පහසුකම් සහ ආරක්ෂාවක් සහිතව ගිනි අවි නිපදවීමට යොමු කල යුතුයි, ඒවා පොලිසියේ පරිහරණය සඳහා යොදා ගත හැක
ජයම්පති මහත්මය ලෝකයේ මැෂින් තුවක්කු, පිස්තෝල තාක්ෂනය සොයාගෙන අවුරුදු සියයකට වැඩිය. අන්තර්ජාලයේ තුවක්කු , පිස්තෝල වල සැලසුම් ඕනේ තරම් ඇත, දක්ෂ ලේත්මැෂින් ක්‍රියාකරුවකුට ගිනි අවියක් නිපදවීම සුළු දෙයකි. නමුත් ලංකාවේ මේවා නිපදවීමේ කර්මාන්ත ශාලා ආරම්භ නොකළ යුතුය. එහෙම කලොත් කාලයක් යනකොට අනිවාර්යයෙන්ම ඔය කර්මාන්ත ශාලාවල වැඩ කරන කාර්මිකයන් ගෙන් කිහිප දෙනෙක් රහසිගතව ගිනිඅවි නිපදවා පාතාලයට විකිනීමට කටයුතු කරාවී. එහෙම වුනොත් වෙන්නේ රටට විශාල ආර්ථික පාඩුවක්. රටේ ගිනි අවි පෙන්වා කරන මංකොල්ල වැඩි වේවි .
ලංකාව අත්සන්තබා ඇති එක්සත් ජාතීන්ගේ ප්‍රතිපත්ති අනුව කිසිදු ලෙසක ගිනි අවි නිෂ්පාදනය අලුත්වැඩියාව හෝ වෙනස්කිරීම් අඩුමතරමේ උණ්ඩයක කට්ටයක් කැපීම හෝ සිදු කල නොහැක. අනික උණ්ඩයක් සහ ඊට ගැලපෙන යකඩ බට කැබලි දෙකක් සහ බෝල්ට් ඇනයක් ඇත්නම් ගරිල්ලා තුවක්කුවක් හදාගන්න එක විනාඩියක වැඩක්