(කේ බුද්ධික කුමාරසිරි)
මාරබේ - දෙයියාගල මාර්ගයේ ගැටහැත්ත ප‍්‍රදේශයේදී පැති බැම්මක් ඉදි කරන මුවාවෙන් මැණික් ගැරීමේ නිරත වූ ස්ථානයක් වටලා මැණික් ඉල්ලම් කියුබ් අටක් අද (16) අත්අඩංගුවට ගත් බව ඇහැලියගොඩ මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි.
මෙහිදී මැණික් ඉල්ලම් කණිමින් සිටි පුද්ගලයින් පලා ගොස් ඇති අතර ටිපර් රථ දෙකක් සහ බැකෝ යන්ත‍්‍රයක් ද අත්අඩංගුවට ගෙන තිබේ.
සබරගමුව පළාත් සභාව මගින් මෙම ස්ථානයේ ආරක්ෂිත පැති බැම්මක් ඉදි කිරීම සදහා රුපියල් ලක්ෂ හතකට ආසන්න මුදලක් වෙන් කර තිබිණි.
ඒ අනුව ඇහැලියගොඩ ප‍්‍රාදේශීය සභාව මගින් පැති බැම්ම ඉදි කිරීමට කොන්ත්‍රාත්තුව ලබා දී තිබේ.එම කොන්ත්‍රාත්තුව ගත් පිරිස මෙලෙස මැණික් ගරන්නට ඇති බවට සිදු කළ මූලික විමර්ශණවලදී අනාවරණය වූ බවද එම අධිකාරිය පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd