(ක්‍රිෂාන්ජීවක ජයරුක්)
සමෘද්ධි සහනාධාරය කප්පාදු නොකරන්නැයි ඉල්ලා සමෘද්ධිලාභීහූ පිරිසක් අද (16) මාතර නගරයට පැමිණ විරොධතාවක නිරත වූහ.
මාතර ඓතිහාසික බෝධීන් වහන්සේ අභියසට රැස් වු ඔවුහු විරෝධතා පාගමනින් මාතර ප්‍රධාන බස් නැවතුම් පොළවෙත පැමිණියහ.එහිදී විරෝධතාකරුවන් පිරිසක් මාතර කොලඹ ප්‍රධාන මාර්ගය අවහිර කොට උද්ඝෝෂණයට පැවැත්වීමේදී උණුසුම්තත්වයක් ඇති විය.
මේ නිසා මාතර නගරය තුල දැඩි රථ වාහනතදබදයක් ඇති වු අතර පොලීසිය විකල්ප මාර්ග ඔස්සේ වාහන ධාවනයට ඉඩ කඩ සැලැස්වීය.
පසුව විරෝධතාකරුවන් පාගමනින්මාතර කොටුවේපිහිටි දිස්ත්‍රික්ලේකම් කාර්යාලයේ දොරටුව ඉදිරිපිටට ගොස් කෑ කෝ ගසමින් විරෝධතාවය දක්වන ලදි.
ඔවුන් බලහත්කාරයෙන් එම කාර්යාලයට ඇතුළුවීම වලක්වා ගැනීමසදහා ආරක්ෂක අංශය හා පොලීසිය එහි ගේට්ටු වසා දැමුවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලන්නේ සහනාධාරය හැබැයි පෝස්ටර් ගහන්න සල්ලි තියනවා.