(දීපාල් ද සිල්වා)
ගාල්ල, බද්දේගම පලාමුල්ල පාරේ බෝක්කුව අසල අද(14) අලුයම ගවයන් දෙදෙනකු සොරකම් කරගෙන පළායමින් තිබූ මෝටර් රියක් ගිනිගෙන විනාශ වූ බව බද්දේගම පොලිසිය පවසයි.
ගවයන් පටවාගෙන ගමන් කරමින් තිබූ මෝටර් රිය මග හරස්කරමින් නවතාගෙන සිටි ප්‍රදේශවාසීහු පොලිසියට දන්වා ඇති අතර පොලිසිය පැමිණෙන විට සැකකරුවන් දෙදෙනකු පළාගොස් ඇත. ප්‍රකෝප වූ පිරිස් හි සිටි එළදෙනක හා පැටවකු බේරාගෙන පොලිසියට බාරදී මෝටර් රියට පහරදී ඇති අතර පොලිසිය පැමිණ පිරිස ඉවත්කර විමර්ශන කරද්දී රථයේ ඉදිරිපසින් ක්ෂණිකව ගින්නක් හටගෙන ඇත. 



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බටු කාර් එකෙන් ගවයන් දෙදෙනකු සහ මිනිස්සු දෙදෙනකු ගිය හැටි හොයන්න කමිටුවක් පත්කලොත් තමා වටින්නේ
මේ දුෂ්ට නරුම පුද්ගලයන්ට පැන ගැනීමට ඉඩ ලැබීම කණගාටුවට කරුණක්. කෙසේ වෙතත් එළදෙන සහ පැටියා දිවි ගලවා ගැනීම සතුටට කරුණක්. මෙහිදී ප්‍රදේශවාසින් සිදු කල කාර්යභාරය හැමෝම අගය කල යුතුයි. මෙවැනි කාරුණික ජනතාව රට පුරා සිටී නම් හරක් හොරුන්ට රජ කිරීමට නොහැකි වෙනවා.
ගින්න ....... ස්වාභාධර්මයේ උදහස !!!
මෙම පුණ්‍යකර්මයට දායකවූ ගම්වැසියන්ට මගේ ප්‍රණාමය පුදකරමි.