ජේ.ඒ.එල්. ජයසිංහ චන්දන උඩුවාවල
මෙවර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසු දරුවන්ට දළදා මාලිගාවට පැමිණ දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමේ අවස්ථාව අද (17) උදාවිය. දළදා වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමට පැමිණි පිරිස අතර දඹානේ ආදිවාසි දරු දැරියන් පිරිසක් ද වැදිනායක වන්නියලා ඇත්තන් සමග දළදා මාලිගාවට පැමිණීම විශේෂ සිද්ධියක් වූහ. තේවාව බාර මල්වතු පාර්ශෙවයේ තිබ්බටුවේ ශ්‍රී මේධංකර හිමියන් ඇතුළු භීක්ෂූන් වහන්සේ සහ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දැල මහතා සියලුම දරුවට එම අවස්ථාව ලබා දීමට කටයුතු කළහ. පැමිණි සියලුම දරුවන්ට පැන්සලක් සහ මකන කෑල්ලක් තැගි කිරිමට තිබ්බටුවාවේ මේධංකර හිමියෝ ක්‍රියා කළහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර දරුවෝ වඩාගෙන ඉන්න අයත් ශිෂ්‍යත්වේ ලියන කැකුලියෝද? ලැජ්ජා නැද්ද පැන්සලකුයි මකනයකුයි විතරක් දෙන්න?
ශිෂ්‍යත්වේ ලියන්නේ මේ එන ඉරිදා. ඔයාගේ ඔය පුංචි මොලේට තේරෙන්නේ නැද්ද පැන්සල හා මකනය දීලා තියෙන්න විභාගයට පෙනී සිටින දිනයේ ප්‍රයෝජනය පිණිස කියලා.. තමන්ගේ පණ්ඩිතකම පෙන්නන්න ගිහින් මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා! කරන පොඩි දෙයක් උනත් අගය කරන්න පුරුදු වෙන්න..