ගාල්ලේදී මෝටර් රියක් ඉබේම ගිනිගනී ගාල්ල මහජන පොළ භූමියේ නවතා තිබූ හයිබ්‍රිඩ් වර්ගයේ මෝටර් රථයක් අද දහවල් ගිනිගෙන විනාශ වී ඇතැයි ගාල්ල නාගරික ගිනි නිවන ඒකකය පවසයි. 12 February 2018
ඌව මහාධිකරණයේ ඇති උමා ඔය නඩුව කල්යයි උමාඔය ව්‍යාපෘතිය නිසා අගතියට පත් ජනතාවට වන්දි ලබා දෙන ලෙස ඉල්ලමින් උමාඔය බහු විනාශකාරී ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණ මගින් ඌව පළාත්බද මහධිකරණයේ පවරා ඇති නඩුව අද (12දා) දහවල් විභාගයට ගැනීමෙන් අනතුරුව අප්‍රේල් මස 26 වන දින දක්වා කල් තැබීමට ඌව පලාත් මහධිකරණ විනිසුරු තුසිත දේවප්‍රිය ගුණසේකර මහතා නියෝග කළේය. 12 February 2018
බඹරු සිසුන් 2000 කට නිවාඩු දෙති ආණමඩුව කන්නන්ගර විද්‍යාලයේ බඹර කුඩයක් හේතුවෙන් පාසලේ දරුවන් 2000 කට ආසන්න ප්‍රමාණයකට ආපසු නිවෙස් වෙත යාමට සිදුවී ඇත. 12 February 2018
පළාත් පාලන ආයතන වල ඉඩ මදිවෙයි මෙවර පලාත් පාලන මැතිවරණ ක්‍රමය අනුව සභිකධුර සංඛ්‍යාව දෙගුණයකින් වැඩි වීම නිසා මාතර දිස්ත්‍රික්කයේ බොහෝ පළාත් පාලන ආයතන වල ඉඩකඩ හා සම්පත් පරිහරණය සම්බන්ධයෙන් ගැටලු ඇති විය හැකි බව පළාත් සභා ලේකම්වරු පවසති. 12 February 2018
හලාවතත් සන්ධානයක් ගහන්න වෙයි නියෝජිතයින් විසි දෙනෙකු ගෙන් සමන්විත හලාවත නගර සභාවට එක්සත් ජාතික පක්ෂයෙන් නියෝජිතයින් හත් දෙනෙකු ද ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණෙන් නියෝජිතයින් හය දෙනෙකු හා ජනතා විමුක්ති පෙරමුණෙන් එක් නියෝජිතයෙක් තේරීපත් විය. 12 February 2018
නගර සභා සේවකයන් පළවා හැර වෙනත් අය බදු එකතු කරති හලාවත පොදු මාලු වෙළඳ පලෙහි දෛනික බදු මුදල් එකතු කරමින් සිටි නගර සභා සේවකයින් පිරිස බිය ගන්වා පලවා හැර වෙනත් පිරිසක් විසින් එම බදු මුදල් එකතු කිරීම සිදු කරන බව හලාවත පොලීසිය පවසයි. 12 February 2018
මොරගොඩ පැතිස්රබාවැව ගම්මානයේ හේනක් අසල මලසිරුරක් මොරගොඩ පොලිස් වසමට අයත් පැතිස්රබා වැව ගම්මානයේ හේනක පැලක් අසල මියගොස් සිටිය පුද්ගලයෙකුගේ මලසිරුරක් අද (11) සොයාගැනිමට හැකිවුබව මොරගොඩ පොලිසිය පවසයි. 11 February 2018
හලාවත නගරයේ පොදු වැසිකිළියට ප්‍රහාරයක් හලාවත නගරයේ පිහිටි පොදු වැසිකිළියට කඩා වැදී ඇති තිදෙනෙකු එම ස්ථානයේ රාජකාරියේ නිරත වෙමින් සිටි සේවකයින් දෙදෙනෙකුට පහර දී ඔවුන් අත තිබූ මුදල් කොල්ලකා දේපල වලටද අලාභ හානි කර අද (110 පලා ගොස් තිබේ. 11 February 2018
මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට මැර ප්‍රහාරයක් මුන්දලම සමීරගම සේවා පියස මධ්‍යස්ථානයට අද ( 11 ) අළුයම කිසියම් පිරිසක් එල්ල කළ මැර ප්‍රහාරයකින් හානි වී ඇති බව මුන්දලම පොලිසිය පවසයි . 11 February 2018
මහ වැස්සත් සමඟ ආපදා රැසක් පල්ලෙවෙල කුකුල්නාපේ ප්‍රදේශයට අද (08) මහ වැස්සත් සමඟ හමාගිය සැඩ සුලඟක් හේතුවෙන් ගස් කඩාවැටී නිවාස ගණනාවකට හානි සිදුවී ඇතැයි මීරිගම ආපදා කලමනාකරණ ඒකකය කියයි. 08 February 2018
කොල්ල කෑ භාණ්ඩ නිදන් වස්තු ලෙස අලවි කරන්න ගිය දෙදෙනෙක් කොටුවෙති නිවසකින් කොල්ල කෑ රන් ආලේපන කරඩු තොගයක් හා ව්‍යාජ මැණික් ගල් තොගයක් නිදන් වස්තු ලෙස අඟවා අලෙවි කිරිමට සැලසුම් කර සිටි පුද්ගලයන් දෙදෙනෙක් අද (8) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලිසිය කියයි. 08 February 2018
පැරණි යුද හමුදා කඳවුරක් අසල අත් බෝම්බ තොගයක් වව්නියාව පම්පමඩුව ප්‍රදේශයේ පිහිටි පැරණි යුද හමුදා කඳවුරක් ආසන්නයේ කලෑබද ප්‍රදේශයක තිබූ අත්බෝම්බ තොගයක් හමු වී ඇති බවට වව්නියාව පූවර්සන්කුලම් පොලීසිය කියයි. 08 February 2018
ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 154ක් අත්අඩංගුවට ඉන්දියාවේ ධීවර බෝට්ටු මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 154ක් රැගෙනයමින් සිටි පුද්ගලයින් තිදෙනකු මන්නාරම සිලාවතුර , අරසමුරිප්පු ප්‍රදේශයේදී අද (07) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි. 07 February 2018
ලී මෝලක තිබි ලක්ෂ එකහමාරක දැව තොගයක් වටලයි වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ පක්ෂයෙන් තරග කරන අපේක්ෂකයකුගේ මවට අයත් බව කියන ලී මෝලක තිබී රුපියල් ලක්ෂ 1 ½ ක් පමණ වටිනා දැව තොගයක් හලාවත අඩවි වන කාර්යාලයේ නිලධාරීන් 07 February 2018
තලාතුඔය ඒටීඑම් යන්ත්‍රය කැඩු පුද්ගලයා අත්අඩංගුවට තලාතුඔය ලංකා බැංකුවේ ඒටීඑම් යන්ත්‍රය කැඩූ පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව තලාතුඔය පොලිසිය පවසයි. 07 February 2018
හොරෙන් පැන්නු දුම්වැටි 3000 ක් අල්ලයි රේගුවෙන් හොර රහසේ පිටකළ රුපියල් ලක්ෂ දෙකක පමණ වටිනා දුම්වැටි 3000ක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු බණ්ඩාරගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. 07 February 2018
බණ්ඩාරගම විහාරයක සොරකමක් බණ්ඩාරගම කොතලාවල පුෂ්පතරාරාම රජ මහ විහාරයේ ධාතු මන්දිරයේ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේට හානි සිදුකරමින් කොත් වහන්සේට පළදවා තිබු මාණික්‍ය සොරා ගෙන ගොස් ඇතැයි බව බණ්ඩාරගම පොලිසිය පවසයි. 07 February 2018
උඩුගම මවත් දුවත් ඝාතනය කරලා පොද්දල පොලිස් වසමේ කීඹීඇළ දරහේන ප්‍රද්‍ෙශයේ පුද්ගලයෙකු විසින් සිය බිරිඳ සහ නැන්දණිය තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර ඇතැයි පොද්දල පොලිසිය කියයි. 07 February 2018
හලාවත පොදු වෙළෙඳපොලේ විරෝධතාවක් හලාවත පොදු එළවලු වෙළෙන්දන් හා පදික වෙළෙන්දන් අද දින වෙළඳ කටයුතු වලින් ඈත්ව විරෝධය දැක්වූවා. 07 February 2018
මාලු අරන් අගරුචෙක් දුන් මාළු වෙළෙන්දා අත්අඩංගුවට රත්ගම ප්‍රදේශයේ මාලු ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් දහ හතර ලක්ෂ පනස් දහසක් වටිනා මාලු ගෙන අගරු චෙක්පත්දී වංචාවක් කිරිම සම්බන්ධයෙන් කල්මුණේ ප්‍රදේශයේ මාලු වෙළෙන්දෙක් අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 06 February 2018
අගමැති ආරක්ෂක ඩිෆෙන්ඩරයක් ත්‍රිරෝද රියක ගැටී 5 කට තුවාල අගමැති ආරක්ෂක කොට්ඨාසයට අයත් ඩිෆෙන්ඩර් රථයක් හා ත්‍රී රෝද රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් පස් දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර ඇති බව මාරවිල පොලීසිය කියයි. 06 February 2018
සෝමාවතී කැලේට පැන්න 5කට ලක්ෂ දෙකක් දඩ සෝමාවතිය ජාතික වනෝද්‍යානයට නීති විරෝධී ලෙස ඇතුළු වී වන අපරාධ සිදු කළ බව කියන විත්තිකරුවන් අදාල චෝදනාවන්ට අධිකරණයේදී වරද පිළිගැනීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක දඩ මුදලක් ගෙවන ලෙස පොලොන්නරුව මහේස්ත්‍රාත් ලුසාකා කුමාරි ධර්මකීර්ති මහත්මිය අද (05) නියෝග කළාය. 05 February 2018
කඩුගන්නාවේදී මාර ගසක් ත්රීවිලයක් මතට මහනුවර කොළඹ ප්‍රධාන මාර්ගයේ පහල කඩුගන්නාවේදී විශාල මාර ගසක් ත්‍රීවිල් රථයක් මතට කඩා වැටීමෙන් එහි ගමන් ගත් 4 දෙනෙකු අද (05) රෝහල් ගත කළ බව මාවනැල්ල පොලිසිය පවසයි. 05 February 2018
උගුලකට හසුවූ කොටියා බේරාගනී බලංගොඩ හිටුවල ගයිවත්ත ප්‍රදේශයේදී ගම්වාසියෙකු විසින් ඇටවූ මන්දකට හසුවූ කොටියෙකු බේරාගැනීමට වනජීවී නිලධාරිහු අද (5) කටයුතු කළහ. 05 February 2018
වව්නියාව බසයට ගල් ගසති කුරුණෑගල සිට වව්නියාව දක්වා ධාවනය වූ ලංගම බස් රථයකට අද උදෑසන පරසන්ගස්වැව ප්‍රද්‍ෙශයේදී යතුරුපැදියකින් ගමන් ගත් දෙදෙනෙකු ගල් ප්‍රහාරයක් එල්ල කර ඇත. 05 February 2018
නිවාස අහිමි නොකරන්න’යි හෝමාගමදී විරෝධතාවක් හෝමාගම නගරයේ සිට පිටිපන තාක්ෂණ නගරය දක්වා ඉදි කිරීමට නියමිත මං තීරු හතරකින් යුත් මාර්ගය ඉදිකිරිමේදී තම නිවාස අහිමි නොවන අයුරින් මාර්ග සැලැස්ම සකස් කරන ලෙස ඉල්ලා හෝමාගම අවට ප්‍රදේශවල ජනතාව අද උදෑසන හෝමාගම නගරයේදී විරෝධතාවයක නියැලිණ. 05 February 2018
ලුණුගම්වෙහෙරදී පුද්ගලයෙක් කපා කොටා ඝාතනය කරයි ලුණුගම්වෙහෙර පොලිස් වසමට අයත් කුඩා ගම්මානයෙහි පදිංචි පුද්ගලයෙකු තියුණු ආයුධයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි. 05 February 2018
සෝමාවතියේ දඩයමේ ගිය 5 ක් අත්අඩංගුවට සෝමාවතිය ජාතික උද්‍යානයට අනවසරයෙන් ඇතුළු වි වන සතුන් ඝාතනය කරමින් සිටි පුද්ගලයන් පස් දෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. 05 February 2018
වාහන 5 ක් හැප්පූ රියැදුරු සොයාගනී මත්තේගොඩ නිවාස සංකීර්ණයේ ප්‍රධාන මාර්ගය අසල වෙලඳසැල ඉදිරිපිට නවතා තිබූ වාහන පහක් අනතුරට ලක්කර පලා ගිය මෝටර් රථයේ රියදුරු හෝමගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී හදුනාගත් බව කහතුඩුව පොලීසිය පවසයි. 04 February 2018
හමුදා ජිප් රථයක් ගසක ගැටී හයකට තුවාල හොරොව්පොතාන වවුනියාව මාර්ගයේ නිකවැව හන්දිය ප්‍රදේශයේදී අද (03) යුදහමුදා ජිප් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ගසක වැදීමෙන් යුද හමුදා සෙබළුන් හය දෙනකු තුවාල ලබා රෝහල්ගත කළ බව හොරොව්පොතාන පොලිසිය කියයි. 03 February 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025