ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 154ක් අත්අඩංගුවට
ඉන්දියාවේ ධීවර බෝට්ටු මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 154ක් රැගෙනයමින් සිටි පුද්ගලයින් තිදෙනකු මන්නාරම සිලාවතුර , අරසමුරිප්පු ප්රදේශයේදී අද (07) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.