IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 154ක් අත්අඩංගුවට

සිතුම් චතුරංග
 
ඉන්දියාවේ ධීවර බෝට්ටු මගින් මෙරටට ගෙන්වූ රුපියල් කෝටි දෙකකට ආසන්න වටිනාකමින් යුත් කේරළ ගංජා කිලෝ 154ක් රැගෙනයමින් සිටි පුද්ගලයින් තිදෙනකු මන්නාරම සිලාවතුර , අරසමුරිප්පු ප‍්‍රදේශයේදී අද (07) අත්අඩංගුවටගත් බව මන්නාරම පොලිසිය කියයි.
 
මන්නාරම පොලිස් විෂ මත්ද්‍රව්‍ය ඒකකයේ නිලධාරීන් වෙත ලැබුණ තොරතුරකට අනුව සිදුකළ වැටලීමකදී සැකකරුවන් හා කේරළ ගංජා තොගය අත්අඩංගුවටගත් බව පොලිසිය පවසයි.
 
කොළඹ ප‍්‍රදේශයට ප‍්‍රවාහනය කිරීම සඳහා මෙම කේරළ ගංජා තොගය සූදානම් කොට තිබූ බවත් එහි තිබී කිලෝ දෙකක ප‍්‍රමාණයේ කේරළ ගංජා පාර්සල් 72 තිබූ බවද පොලිසිය සඳහන් කරති.
 
පොලිසිය පැවසූයේ සැකකරුවන් ඉන්දියාවේ සිට ධීවර බෝට්ටු මාර්ගයෙන් කේරළ ගංජා රැගෙනවිත් කැළෑ ප‍්‍රදේශයක සඟවීමට රැගෙනයමින් සිටියදී අත්අඩංගුවටගැනීමට හැකිවූ බවයි.



අදහස් (0)

ඉන්දියාවෙන් ගෙනා කේරළ ගංජා කිලෝ 154ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 723 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2389 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1750 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site