සිවු දරු පියා ඝාතනය කළ විත්තිකරුට මරණ දඩුවම
කඩුවලින් කපා සිවු දරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් සිවු දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (15) ගාල්ල මහාධිකරණයේදී ප්රකාශයට පත් කළේය. ගාල්ල පුර්වගාමි, කලුතර මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා තුන්වන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර දෙවන විත්තිකරුට මරණ දඩුවම නියම කළේය. වැලිවේරියගේ ටයිටස් නැමැති විත්තිකරුට මෙසේ මරණ දඩුවම නියම විය.