මාවුස්සාකැලේ - කාසල්රී ජල මට්ටම සීඝ්රයෙන් පහතට මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම සීඝ්රයෙන් පහත බසිමින් පවති. 19 February 2018
සෙවිලි තහඩු රත්වී නිවසක් ගිනිගනී හැටන් සර්කියුලර් පාරේ නිවසක් අද (19) දහවල් 12.00 ට පමණ ගිණි ගෙන ඇති බව හැටන් දික්ඔය නගර සභාව පවසයි. 19 February 2018
මෝටර් රථයක් හා ත්‍රීරෝද රියක් ගැටී එක් අයෙකු මරුට බදුල්ල මහියංගන මාර්ගයේ දම්බරාව පාසැල අසලදී මෝටර් රථයක් හා ත්‍රීරෝද රථයක් ගැටී අනතුරට ලක්වීමෙන් ත්‍රීරෝද රථයේ ගමන් කළ 27 හැවිරිදි කාන්තාවක් මියගොස් එය පැදවු ඇගේ සැමියා වන යුධ හමුදා සෙබලෙක් හා මරණ කාරියගේ මව තුවාල ලබා ඇතැයි මහියංගනය පොලිසිය කියයි. 19 February 2018
සිංගප්පූරුවෙන් ලක්ෂ 08 ක දුම්වැටි ගෙනා පියාත් දියණියත් අසුවෙති නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට , සිංගප්පූරුවේ සිට විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් රැගෙන ආ පියෙකු සහ දියණියක් කටුනායක ගුවන් තොටුපොළේ දී රේගු නිලධාරීන් අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුනිල් ජයරත්න මහතා ප්‍රකාශ කළේය . 19 February 2018
මව පුතා දියණිය හා ලේලිය එක්ව පියාව ඝාතනය කරති දෙවිනුවර කපුගම ප්‍රදේශයේදී 49හැවිරිදි ධීවර කාර්මිකයෙකුගේ හිසට පොල්ලකින් පහරදී ඝාතනය කළ බව කියන එකම පවුලේ මව,පුතා,දියණිය හා ලේලිය සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි. 19 February 2018
ඌරන්ට ඇටවූ විදුලි රැහැනක් පෑගී පුද්ගලයෙක් මරුට ඌරන්ට අටවා තිබූ විදුලි රැහැනක් පෑගීමෙන් පිටුවල හතරෙ කණුව ප්‍රදේශයේදී දෙදරු පියෙකු අද (18) මිය ගොස් ඇතැයි ඇල්පිටිය පොලිසිය පවසයි. 18 February 2018
බෝක්කුවක් යට තිබි විශ්‍රමික ගුරුවරයකුගේ මළ සිරුරක් බලංගොඩ පින්නවල ප්‍රධාන මාර්ගයේ ගුරුබැවිල පින්නකන්ද මංසංදියේ බෝක්කුවක් යට තිබි විශ්‍රමික ගුරුවරයකුගේ මළ සිරුරක් අද (18) පෙරවරැවේ දි පින්නවල පොලිසිය සොයාගෙන තිබේ. 18 February 2018
බර්නාඞ් අළුවිහාරේ ක්‍රීඩාංගනයට නව ධාවන පථයක් නවිකරණය කරන ලද මාතලේ බර්නාඞ් අළුවිහාරේ ක්‍රීඩාංගනයට රුපියල් මිලියන 327 ක කෘතිම ධාවන පථයක් එක් කිරීමට ක්‍රීඩා අමාත්‍යංශය පියවර ගෙන ඇති අතර .මීටර් 400 ක දුරකින් නව ධාවන පථය සමන්විත බව ක්‍රීඩා අමාතයංශය පවසයි. 18 February 2018
දකුණු පළාත් සභාවේ සභානායක ධුරයට චම්ලි යෝජනාවෙයි දකුණු පළාත් සභාවේ දැනට පුරප්පාඩු වි ඇති සභානායක ධුරය සඳහා දකුණු පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයකු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු වන චම්ලි විතානාච්චි මහතා පත්කරණ ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ මන්ත්‍රිවරු දහඅට දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා වෙත භාරදී තිබේ. 18 February 2018
දහම් පාසල පවත්වාගෙන යාමට නොහැකිව ළමුන් පාරට වැටෙයි හැටන් ශ්‍රී කුරුස දේවස්ථානය මගින් පවත්වාගෙන යන දහම් පාසල සති කිහිපයක් දේවස්ථානයට පිවිසෙන මාර්ගයේ පවත්වාගෙන යන අතර. දහම් පාසල පවත්වාගෙන යෑමට ශාන්ත ජොන් බොස්කෝ විදුහලේ විදුහල්පතිවරයා ඉඩ ලබා නොදෙන බව එම දේවස්ථානයේ ප්‍රධාන පියතුමන් චෝදනා කරයි. 18 February 2018
ශ්‍රිපාද වන්දනාවේ පැමිණි පිරිසක් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට සති අන්ත නිවාඩුවට ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහත් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි. 18 February 2018
යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන තරුණයෙක් මරුට මැදිරිගිරිය දියසෙන්පුර, පුල්යාර් හංදිය ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදීම නිසා සිදුවූ අනතුරකින් අද (18) 20 හැවිරිදි තරුණයකු මරණයට පත් වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි. 18 February 2018
කල් ඉකුත්වූ පැණිබීම වික්කාට 6 ක් අල්ලයි ශ්‍රීපාද වන්දනාකරුවන්ට කල් ඉකුත් වූ පැණි බීම අලෙවි කළ ව්‍යාපාරිකයින් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවසීය. 18 February 2018
මදුනාගල විදුලි වැට වසර 5 ක් තිස්සේ බිම සුරියවැව මදුනාගල හා අවට ගම් වන අලින්ගෙන් ආරක්ෂා කර ගැනිම සඳහා ඉදිකෙරුණු විදුලි වැට කිසිදු නඩත්තු කටයුත්තක් සිදු නොවිම නිසාවෙන් දැනට වසර පහක පමණ කාලයක සිට බිමට කඩාගෙන වැටී ඇතැයි ගම් වැසියෝ පවසති. 18 February 2018
පන්සලේ වතුර මෝටරය සොරකම් කළ සිසුන් 3දෙනා පොලීසියට කොටු වෙති පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඓතිහාසික පුරාණ රජ මහා විහාරයකට අයත් ජල මෝටරය මහ රෑ ගලවාගෙන යමින් සිටි සිසුන් තිදෙනෙකු පූජාපිටිය පොලීසිය අද (18) අත්අඩංගුවට ගනු ලැබ තිබේ. 18 February 2018
ආනයනික විදේශීය අර්තාපල් නිසා දේශිය ගොවියා අනතුරේ මහ කන්නයේ වගා කරන ලද අර්තාපල් අස්වනු මේ වන විට වෙළදපොලට පැමිණෙන නමුත් අර්තාපල් මිල විශාල ලෙස පහත වැටීම නිසා තමන් දැඩි දුෂ්කරතාවයකට පත්වී ඇතයි බදුල්ල දිස්ත්‍රික්කයේ අර්තාපල් ගොවිහු පවසති. 18 February 2018
ඡන්දෙන් පැරදුණු විදුහල්පති ගුරුවරයාට පහර දෙයි හොරොව්පතාන දෑකැතිපොතාන විදුහලේ විදුහල්පතිවරයා විසින් කළ පහර දීමක් නිසා තුවාල ලැබූ කිඹුල්පැටියාව විදුහලේ ගුරුවරයකු ඉකුත් 14 වනදා සවස සිට මේ දක්වා හොරොව්පතාන රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී. 17 February 2018
ලංගම බසය කහ ඉර මතදී 70 හැවිරිදි කත බිළිගනී ගම්පහ ඩිපෝවට අයත් බස් රථයක් කෑගල්ල කරඩුපන මං සන්දියේ කහ ඉර මතදි වයස අවුරුදු 70 ක කාන්තාවක් යට කර ගෙන යෑම නිසා එම කාන්තාව එම මොහොතේම මිය ගිය බව අද (17) කෑගල්ල මූලස්ථාන පොලිසිය පවසයි. 17 February 2018
තනි අලියා කල්අඩියේ බේකරියක් වනසයි පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ (17) අළුයම කඩා වැදුන වල් අලියකු බේකරියකට හානි කර ඇති බව පුත්තලම පොලිසිය පවසයි. 17 February 2018
ඊයම් සොයා බැටරි පිළිස්සීමේ ජාවාරමක් කරුවලගස්වැව - එරඹුගස්වැව රක්ෂිතයක් තුල කල වැටලීමකදී ඊයම් සොයා බැටරි කොටස් හා විවිධ අප ද්‍රව්‍ය පිළිස්සීමේ ජාවාරමක් සොයා ගත් බව පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි. 17 February 2018
පුත්තලමේ නියඟයෙන් ලක්ෂ 2 ක් පීඩාවට පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 66436 ක පුද්ගලයින් 2,16,018 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි. 17 February 2018
ඉපැරණි පන්සලක නිධන් සෙව්වාදැයි සොයයි වලගම්බා රජ දවස ඉදි කළ බවට සැලකෙන පස්සර කහටරුප්ප උරුම්තැන්න ශ්‍රි ධර්මරාජ ගල්ලේන් විහාරයේ අනවසර කැනීම් සිදු කර ඇතැයි ලැබුණු පැමිණිල්ලක් මත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ. 16 February 2018
යතුරුපැදියක ගැටී කතක් මරුට බදුල්ල- බණ්ඩාරවෙල ප්‍රධාන මාර්ගයේ හල්පෙ මිල්ලගම හන්දිය අසලදී අද (16) යතුරුපැදියක හැපී බරපතල තුවාල ලැබූ කාන්තාවක බදුල්ල පළාත් මහ රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය බව ඇල්ල පොලීසිය කියයි. 16 February 2018
බදුල්ල දෙමළ බාලිකාවේ පිරිසක් රිය අනතුරකින් ප්‍රපාතයේ බදුල්ල දෙමළ බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය දණ ගැස්සු බව කියන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා කොළඹ ගොස් ආපසු බදුල්ල බලා එමින් සිටි බදුල්ල දෙමළ බාලිකා විදුහල්පතිනි ආර් .බවානි මහත්මියගේ පාර්ශ්වයේ පිරිසක් ගමන් ගත් වෑන් රථයක් කොළඹ - බදුල්ල ප්‍රධාන මාර්ගයේ හල්දුම්මුල්ල වල්හපුතැන්න ප්‍රදේශයේ දී අද (16) ප්‍රපාතයකට පෙරලී ඇතැයි පොලිසිය පවසයි. 16 February 2018
අල ගොවීහු බණ්ඩාරවෙල විරෝධතාවක් අල ගොවීන් මුහුණ පා ඇති ගැටළුවලට විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා බණ්ඩාරවෙල ගොවීහු පිරිසක් අද (16) බණ්ඩාරවෙල නගරයේදී විරෝධතාවක් පැවැත්වූහ. 16 February 2018
තාත්තා පොලිසියේදීම පුතාට ගැසීයයි අත්අඩංගුවට පවුල් ආරවුලක් විසදන අතර තුර පොලිස් ස්ථානය තුළදී තම පුතාට ජංගම දුරකථනයකින් පහර දුන් සැකකරුවෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 16 February 2018
මහවැව ගරාජයකට ගිනි තියයි මහවැව - ලුණු ඔය පාලම අසල යතුරු පැදි සහ ත්‍රී රෝද රථ අළුත්වැඩියා කරන ස්ථානයකට අද (16) අලුයම කිසියම් පිරිසක් විසින් ගිනි තබා හානි කරනු ලැබ ඇතැයි මාරවිල පොලීසිය කියයි. 16 February 2018
ටිපර් රථයට යටවී පැදිකරු මරණයට දෙනියාය පල්ලේගම මාර්ගයේ අද (15) ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුමිය ගිය බව දෙනියාය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ (24) හැවිරිදි පන්සල පාර දෙනියාය ලිපිනයේ පදිංචිඒ.පී.සුරංග නැමැතිඅවිවාහක තරුණයෙකි . 15 February 2018
සිවු දරු පියා ඝාතනය කළ විත්තිකරුට මරණ දඩුවම කඩුවලින් කපා සිවු දරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් සිවු දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (15) ගාල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළේය. ගාල්ල පුර්වගාමි, කලුතර මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා තුන්වන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර දෙවන විත්තිකරුට මරණ දඩුවම නියම කළේය. වැලිවේරියගේ ටයිටස් නැමැති විත්තිකරුට මෙසේ මරණ දඩුවම නියම විය. 15 February 2018
අතුරුගිරියේදී පහරදීමකින් තරුණයෙක් මරුට අතුරුගිරිය හොරහේන පුවක්ගහදෙනිය ප්‍රදේශයේ නිවසක සිටි 18 හැවිරිදි තරුණයෙකුට තවත් තරුණයෙකු මුහුනට සහ උදරයට තියුනු ආයුධයකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (15) මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි. 15 February 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025