(ගාමිණී බණ්ඩාර ඉලංගන්තිලක)
ශ්‍රීපාද වන්දනාකරුවන්ට කල් ඉකුත් වූ පැණි බීම අලෙවි කළ ව්‍යාපාරිකයින් හය දෙනෙක් අත්අඩංගුවට ගනු ලැබූ බව නුවරඑළිය දිස්ත්‍රික් ජ්‍යෙෂ්ඨ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක ගාමිණී පෙරේරා මහතා පැවසීය.
ශ්‍රීපාද වන්දනාකරුවන්ට සෞඛ්‍යආරක්ෂිත අයුරින් ආහාර පාන සැපයීම අරමුණු කරගෙන ශ්‍රීපාද වන්දනා සමයේදී සිදු කරන ලද හදිසි වැටලීමකදී කල් ඉකුත්වූ පැණිබීම බෝතල් 96 ක් සමඟ මෙම ව්‍යාපාරිකයින් පිරිස නල්ලතන්නිය නගරයේදී හා නල්ලතන්නිය ශ්‍රීපාද මාර්ගයේදී අත්අඩංගුවට ගත් බව මස්කෙළිය මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල සෝමදාස මහතා පැවසීය.
අත්අඩංගුවට ගත් ව්‍යාපාරිකයින් පිරිසට එරෙහිව හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නඩු පැවරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd