(ජුඩ් සමන්ත)

පවුල් ආරවුලක් විසදන අතර තුර පොලිස් ස්ථානය තුළදී තම පුතාට ජංගම දුරකථනයකින් පහර දුන්  සැකකරුවෙකුව වෙන්නප්පුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වෙන්නප්පුව - නයිනමඩම පදිංචිකරුවෙකි.

පොලිස් පරීක්ෂකවරයා පැමිණිල්ල විභාග කරමින් සිටින අතර තුර සැකකරු තමා අත තිබූ ජංගම දුරකථනයෙන් දරුවාට පහර දී ඇත.

සැකකරු මාරවිල දිසා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.