(පුත්තලම එච්. චන්දන - පුත්තලම රෝවන් පෙරේරා)
කරුවලගස්වැව - එරඹුගස්වැව රක්ෂිතයක් තුල කල වැටලීමකදී ඊයම් සොයා බැටරි කොටස් හා විවිධ අප ද්‍රව්‍ය පිළිස්සීමේ ජාවාරමක් සොයා ගත් බව පුත්තලම විශේෂ කාර්ය බලකා කඳවුර පවසයි.
විශේෂ කාර්ය බලකා නිලධාරින්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (16) රාත්‍රී කල මෙම වැටලීමේදී පෝරණු දෙකක බැටරි කොටස් හා විවිධ අප ද්‍රව්‍ය පුච්චා ඊයම් සොයමින් සිටි පුද්ගලයින් දෙදෙනෙක් සමග එම විශාල අමු ද්‍රව්‍ය තොගයක්, ජෙනරේටරයක්, යකඩ පෝරණු දෙකක් අත් අඩංගුවට ගැනීමට හැකි විය.
ජන ශුන්‍ය ප්‍රදේශයක් වන මෙම කැලෑබද ප්‍රදේශය තුල මෙය ඉතා දීර්ඝ කාලයක් තිස්සේ කරගෙන ගොස් ඇති බව විශේෂ කාර්ය බලකා නිලධාරින් කරන ලද මූලික විමර්ශණ වලදී ආණාවර්ණය වී ඇත.
මෙම ස්ථානයේ අවට වන අලීන්ද විශාල වශයෙන් ගැවසෙන අතර මේ පෝරණු ගිනි දැල්වීම නිසා එම අලීන්ද මේ නිසා භීතියට පත්වන බවත් , විවිධ බැටරි හා අප ද්‍රව්‍ය මෙලෙස පිලිස්සීම නිසා විශාල පරිසර හානියක් සිදු වන බව වැටලීම සිදු කල විශේෂ කාර්ය බලකා නිලධාරින් සඳහන් කරයි. අත් අඩංගුවට ගත් සැකකරුවන් හා එම ද්‍රව්‍ය උපකරණ වැඩිදුර පරීක්ෂණ සදහා කරුවලගස්වැව පොලීසියට භාර දෙන ලදී.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඊයම් කියන්නේ පරිසරයට මුදා නොහැරිය යතු පෙනහළු පිලිකා වලට මුල්වන බැර ලෝහයක්. අනෙකුත් රටවල සායම් නිපදවීම සහ පැට්‍රොල් වලට ඊයම් බාවිතය සම්පූර්නයේම තහනම් .මේ ගැන වහාම ක්‍රියාත්මක විය යතුයි
විශේෂ කාර්ය බළකායේ රාජකාරිය හොඳින් ඉටු කිරීම ගැන අපි අගය කරනවා. මෙය පළ කිරීම ගැන ලංකාදීපයට ස්තුතියි.