සුමතිපාල දීයගහගේ
දකුණු පළාත් සභාවේ දැනට පුරප්පාඩු වි ඇති සභානායක ධුරය සඳහා දකුණු පළාත් සභාවේ හිටපු උප සභාපතිවරයකු හා ජ්‍යෙෂ්ඨ මන්ත්‍රිවරයකු වන චම්ලි විතානාච්චි මහතා පත්කරණ ලෙස ඉල්ලා දකුණු පළාත් සභාවේ එකාබද්ධ විපක්ෂය නියෝජනය කරණ මන්ත්‍රිවරු දහඅට දෙනෙකුගේ අත්සන් සහිත ලිපියක් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ෂාන් විජේලාල් ද සිල්වා මහතා වෙත භාරදී තිබේ.
දකුණු පළාත් සභාවේ ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරු දහ අට දෙනෙකුගේ අත්සනින් ප්‍රධාන ඇමතිවරයා වෙත භාරදි ඇති මෙම යෝජනාව මෙම මස 27 වැනි දින පැවැත්වීමට නියමිත දකුණු පළාත් සභා රැස්විමේ න්‍යාය පත්‍රයටද ඇතුලුකර තිබේ.
මිට පෙර සභානායක ධුරය දරණු ලැබුවේ මාතර දිස්ත්‍රික්කයෙන් තේරී පත්වු පළාත් සභා මන්ත්‍රි මනෝජ් සිරිසේන මහතා විසිනි . පසුගිය ජනවාරි මාසයේදී දකුණු පළාත් සභාවේ ක්‍රිඩා යෞවන කටයුතු සහ සංස්කෘතික ඇමතිවරයා ලෙස මනෝජ් සිරිසේන මහතා පත්විම නිසා පළාත් සභාවේ සභානායක තනතුර පුරප්පාඩුව විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd