ගාමිණී බන්ඩාර ඉලංගන්තිලක
මධ්‍යම කඳුකරයට මේ දිනවල පවතින වියළි කාළගුණයත් සමඟ මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බසිමින් පවති.
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශ දෙකේ ජල මට්ටම අද (19) පෙ.ව. 06.00 වන විට පිළිවෙළින් පිටාර මට්ටමේ සිට අඩි 24 අඟල් 04 ක් හා අඩි 16 අඟල් 03 ක් වශයෙන් පහත බැස ඇති බව එම ජලාශ භාර ඉංජිනේරුවෝ පැවසූහ.
ජාතික ජල විදුලිබල පද්ධතියට අයත්, ලක්ෂපාන ජල විදුලිබලාගාර සංකීර්ණයේ යටතේ ඇති ලක්ෂපාන, නව ලක්ෂපාන, පොල්පිටිය, විමලසුරේන්ද්‍ර හා කැනියොන් යන විදුලිබලාගාර සඳහා ප්‍රධාන වශයෙන් ජලය සැපයෙන්නේ මාවුස්සාකැලේ හා කාසල්රී යන ප්‍රධාන ජලාශ දෙකෙනි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd