(ක.ග කරුණාරත්න)
මැදිරිගිරිය දියසෙන්පුර, පුල්යාර් හංදිය ප්‍රදේශයේදී යතුරු පැදියක් මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ ගසක වැදීම නිසා සිදුවූ අනතුරකින් අද (18) 20 හැවිරිදි තරුණයකු මරණයට පත් වී ඇතැයි මැදිරිගිරිය පොලිසිය කියයි.
අනතුරින් මිය ගොස් ඇත්තේ මැදිරිගිරිය, මහතලාකොලවැව, යාය 8 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. මරණයට පත්වූ තරුණයා විසින්ම පදවාගෙන ගිය යතුරු පැදිය මෙලෙස අනතුරට පත්ව ඇති අතර මැදිරිගිරිය පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd