මොහොමඩ් ආසික්
පූජාපිටිය පොලිස් බල ප්‍රදේශයේ ඓතිහාසික පුරාණ රජ මහා විහාරයකට අයත් ජල මෝටරය මහ රෑ ගලවාගෙන යමින් සිටි සිසුන් තිදෙනෙකු පූජාපිටිය පොලීසිය අද (18) අත්අඩංගුවට ගනු ලැබ තිබේ.
රුපියල් 35,000 ක් පමණ වටිනා මෙම වතුර මෝටරය සොරකම් කර ඇති සිසුන් අතර මහනුවර ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ විදුහලක උසස් පෙළ ඉගෙනුම ලබන සිසුන් දෙදෙනෙකු සහ පාසල් අධ්‍යාපනය අවසන් කළ සිසුවෙකුද සම්බන්ධ වී ඇති බව පොලිස් පරික්ෂණවලින් හෙළි වී තිබේ.
අත් අඩංගවට ගත් සිසුන් තිදෙනා අද (18) වැනිදා මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd