(එස් .ඩී.කොඩිකාර )
දෙනියාය පල්ලේගම මාර්ගයේ අද (15) ටිපර් රථයක් සහ යතුරු පැදියක් එකිනෙක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරු පැදිකරු තුවාල ලබා දෙනියාය මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසුමිය ගිය බව දෙනියාය පොලිසිය කියයි. මියගොස් ඇත්තේ (24) හැවිරිදි පන්සල පාර දෙනියාය ලිපිනයේ පදිංචිඒ.පී.සුරංග නැමැතිඅවිවාහක තරුණයෙකි .
අනතුර සිදුවන අවස්ථාවේ ටිපර් රථයක් පල්ලේගම දෙසට ධාවනය වන අවස්ථාවේ ඊට ප්‍රතිවිරුද්ධ දෙසින් පැමිණි යතුරු පැදිය ටිපර් රථය දැක එක වර යතුරු පැදියේ තිරිංග තද කිරීමත් සමඟ යතුරු පැදිකරු වැටී ටිපර් රථයේ ඉදිරි රෝදයේ ගැටීම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
අනතුර සම්බන්ධයෙන් (34) හැවිරිදි සිංහගම ,බෙවර්ලි ප්‍රදේශයේ ටිපර් රථයේ රියදුරු දෙනියාය පොලිසිය මගින් අත් අඩංගුවට ගෙන හෙට (16) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.
මිය ගිය තරුණයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය ප්‍රේමරත්න රන්කඩුව මහතා ඉදිරියේදී අද (15) දෙණියාය රෝහලේ දී පැවැත්වීය.
සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිසිය පරීක්ෂණ පවත්වයි .



2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ටිපර් රථයට යටවී පැදිකරු මරණයට
Soma Friday, 16 February 2018 04:28 AM
ටිපර් වලට යටවෙලා මොනතරම් මිනිස්සු අවාසනාවන්ත ලෙස මේ රටේ මියයනවද? ටිපර් ධාවනය කරන්නේ කල යුතු වේගය වගේ තුන් ගුණයකින්. ඒවා කිසිම කෙනෙක් බලන්නේ නැහැ. කිසිම ක්‍රමවේදයක් නැති සැලසුමක් නැති පින් පඩි ගෙවන රටක්.