යතුරුපැදි අනතුරකින් පියා හා බාල පුතු මරුට රන්න කහදමෝදර ප්‍රදේශයේදී අද (15) සිදු වූ යතුරුපැදි අනතුරකින් එක් පුද්ගලයෙකු හා කුඩා දරුවෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ. 15 February 2018
කල්ලාරු ඇතා මියගියේ ස්වභාවික හේතුවකින්ලු විල්පත්තුව වන උයන සීමාවේදි වෙඩි තබා ඝාතනය කර මරා දැමූ බවට සැක කළ කල්ලාරු ඇතාගේ මරණය ස්වභාවික හේතුවක් නිසා සිදු වූ බවට වනජීවි දෙපාර්තෙමින්තුවේ වනජීවි විශේෂඥ වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා නිගමනය කළේය. 15 February 2018
පේරාදෙණිය සරසවි සිසුහූ විරෝධතාවක අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ සයිටම් ගැටළුවට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (15) ගලහා මංසන්දියේදී විරෝධතාවක් පැවැත්වීය. 15 February 2018
නුවරඑළියේ නිකේතනයක චීන ජාතිකයකුගේ මළ සිරුරක් නුවරඑළියේ ලේඩිමැක්ලම් මාවතේ නිවාඩු නිකේතනයක තිබී චීන ජාතිකයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇතැයි නුවරඑළිය පොලිසිය පවසයි. 15 February 2018
මහපොළ කප්පාදුවට එරෙහිව විරෝධතා මහපොළ ශිෂ්‍යත්ව ආධාර මාස 10ක කපා හැරීමට එරෙහිව සහ සයිටම් ගැටළුව මෙතෙක් නිරාකරණය කිරීමට බලධාරීන් කටයුතු නොකිරීමට එරෙහිව අද (15) දහවල් ගාල්ල කරාපිටිය වෛද්‍ය පීඨය ඉදිරිපිටදී විරෝධතාවක් පැවැත්විණි. 15 February 2018
ක්ෂේත්‍ර නිලධාරියාට ගැහුවැයි බගවන්තලාවේ වර්ජනයක් බගවන්තලාව කර්කස්වෝල්ඩි එල්බොඩ වත්ත පහළ කොටසේ සහකාර ක්ෂේත්‍ර නිලධාරියකුට පහර දුන්නේ යැයි කියන වතුකම්කරුවකු අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් එම වතුයායේ වතු කාර්ය මණ්ඩලය අද (15) වැඩ වර්ජනයක් ආරම්භ කර තිබේ. 15 February 2018
හම්බන්තොට - බදගිරිය පාරේ ලංගම බස් වර්ජනයක් හම්බන්තොට - බදගිරිය බස් මාර්ගයේ සේවය කරන ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ රියදුරකුට පහර දුන්නේ යැයි කියන සිද්ධියක් මුල්කරගනිමින් අද(15) එම මාර්ගයේ ධාවනය වන ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස්රථ රියදුරුවරු හා කොන්දොස්තරවරු වැඩ වර්ජනයක නිරත වී සිටිති. 15 February 2018
පාර පනිද්දී මග මරුවාට බිලිවෙයි මහනුවර මාතලේ මාර්ගයේ අඹතැන්න ප්‍රදේශයේදී පාර මාරුවෙමින් සිටි පුද්ගලයකු ඊයේ(14) රාත්‍රියේ මෝටර් රථයක ගැටී මිය ගොස් ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි. 15 February 2018
හොරට තේක්කක ඇද්ද සැකකරුවෙකු අත්අඩංගුවේ ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව බමුණුත්තුව රක්ෂිතයෙන් බලපත් නොමැතිව රුපියල් ලක්ෂ තුන හමාරක පමණ තේක්ක දැව කපා ටැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අද (14) දින උතුරු මැද පාළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නිතිඥ ප්‍රතාප් සඳුන්ගහවත්ත මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන පළාත් විශේෂ වැටලිම් අංශයේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ. 14 February 2018
වේගය පාලනය කර ගැනීමට නොහැවූ මෝටර් රථය අඩි දහයක ප්‍රපාතයකට හැටන් සිට නොර්වුඩ් දක්වා අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන අඩි දහයක් පමණ ප්‍රපාතයට පෙරලිමෙන් එම මෝටර් රථයේ රියදුරා සුලූ තුවාල ලබා ඇති අතර ඔහු පොලිස් අත්අඩංගුවට ගත් බව නොර්වුඩ් පොලිසිය පවසයි. 14 February 2018
සුරියවැවදී පස් ප්රවාහණය කරන ටිපර් රථ කරුවන් විරෝධතාවයක පොලිස් විශේෂ කාර්ය බළකාය මැතිවරණයෙන් පසු දිගින් දිගටම දක්ෂිණ අධිවේගි මාර්ගයේ ඉදිකිරිම් සඳහා පස් ප්රවාහණය කරනු ලබන ටිපර් රථ ඉතා අසාධාරණ ලෙස අත්අඩංගුවට ගැනීම වහා නවතන ලෙස ඉල්ලා ටිපර් රථ රියදුරන් 200ක් පමණ අද (14) සුරියවැව බස්නැවතුම්පොල ඉදිරිපිටදී විරෝධතාවයක් නියැළිණි. 14 February 2018
බඹරු ඇවිත් පාසලක් වසති අනුරාධපුර පූජා නගරයේ පිහිටා තිබෙන පෙරිම්යන්කුලම අශෝක මහ විද්‍යාලයේ ගොඩනැගිල්ලක විශාල බඹර කූඩුවක් බැඳ තිබීම හේතුවෙන්, එම විදුහලේ ඉගෙනුම ලබන දරුවන්ගේ ආරක්ෂාව සඳහා අද (14) එම පාසල වසා දැමූ බව පාසලේ විදුහල්පති යූ. එල්.ගුණසිංහ මහතා පැවසීය. 14 February 2018
පූජක විවේකානන්ද ෂර්මා සේවයෙන් සමුගනී ලංකාවේ හින්දු දේවස්ථානයක වැඩිම කාලයක් පූජක තනතුරක් හෙබවු 79 හැවිරිදි පූජක විවේකාන්ද ෂර්මා පූජකවරයා එම තනතුරෙන් ඉවත්ව ඇත. 14 February 2018
ත්‍රිරෝද රිය ප්‍රපාතයේ - දෙදෙනකුට තුවාල බගවන්තලාව පොලිස් වසමට අයත් කර්කස්වෝල්ඩ් වතුයායේ ත්‍රිරෝද රථයක් ප්‍රපාතයට පෙරළීමෙන් එම ත්‍රිරෝද රථයේ ගමන්ගත් රියදුරා ඇතුළු තවත් දෙදෙනකු තුවාල ලබා රෝහල් ගතකර ඇත. 14 February 2018
බිරිය මරා පළාගිය සැකකරු වසර 26 කට පසු අත්අඩංගුවට 1992 වසරේ දී තම විවාහක බිරිය අමානුෂික ලෙසින් ඝාතනය කර පලා ගොස් සිටි සැමියෙකු අත්අඩංගුවට ගෙන ඇත. 14 February 2018
දංකොටුවේ තිබූ ගිනි අවි රැසක් වලානෙන් ගිහින් අත්අඩංගුවට ගනී දංකොටුව - යෝගියානලමොටෑමුල්ල ප්‍රද්‍ෙශයේ නිවසක තිබී නීතිවිරෝධී ගිනි අවි රැසක් තම බාරයට ගැනීමට වලාන දූෂණ මර්ධන ඒකකය සමත් වී ඇත. 14 February 2018
මහුදු කූඩැල්ලන් - මෝර වරල් පුත්තලමෙන් අත්අඩංගුවට රුපියල් කෝටි දෙකහාමරක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් සහ මෝර වරල් තොගයක් පුත්තලම - කරඹ ප්‍රද්‍ෙශයේ නිවසක් තුළ ගබඩා කර තිබියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 14 February 2018
මුහුදේ දිය නෑමට ගිය 17 හැවරදි පිරිමි ළමයෙක් අතුරුදන් අම්බලන්තොට ‘ඔච්චම‘ මුහුදු තීරයේ අද (13) දිය නෑමට ගිය 17 හැවරදි පිරිමි ළමයෙක් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි. 13 February 2018
අගුනාවලදී මෝටර් රථයක් මල්පැල අලෙවි සැලක් මතට ගම්පල පේරාදෙණිය ප්‍රධාන මාර්ගයේ අගුනාවල ප්‍රදේශයේ අද (13) දින ගම්පොල සිට කොළඹ බලා ධාවනය වූ මෝටර් රථයක් ප්‍රධාන මාර්ගයෙන් ඉවතට පැන මල්පැල අලෙවි සැලකට කඩා වැදීමෙන් එහි සේවය කරන දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පේරාදෙණිය පොලිසිය කියයි. 13 February 2018
මෝටර් රථය අධි බලැති විදුලි කණුවක ගැටී 3ක් රෝහලේ නුවර සිට කොළඹ දක්වා ධාවන වු ඇල්ටෝ වර්ගයට අයත් කාර් රථයක් මාවනැල්ල අංවාරමදි අධි බලැති විදුලි කණුවක ගැටී තිදෙනෙක් රෝහල් ගත කර ඇති බව අද (13) සිදුවූ බව පොලිසිය පවසයි. 13 February 2018
දිඹුල රක්ෂිතයක ගින්නක් දිඹුල පොලිස් වසමට අයත් කොර්මර්ෂල් ප්‍රදේශයේ රක්ෂිතයක හටගත් ගින්නකින් අක්කර දහයක් පමණ විනාශ වී තිබේ. 13 February 2018
නොර්වුඩ් ත්‍රීරෝද රථ අනතුරෙන් 5කට බරපතල තුවාල බගවන්තලාවේ සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් අනතුරට පත්විමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පස් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි. 13 February 2018
ලක්ෂ 10 ක කේරළ ගංජා සමග අයෙක් අත්අඩංගුවට යාපනය සිට කොළඹ දක්වා රුපියල් ලක්ෂ දහයක් පමණ වටිනා කේරළ ගංජා කිලෝ අටක් රැගෙනයමින් සිටි කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු වවුනියාව නගරයේදී අත්අඩංගුවටගත් බව වවුනියාව පොලිසිය කියයි. 13 February 2018
කොහුබත් ගිනිගෙන කර්මාන්තශාලාවට හානි නුවරඑළිය පොලිස් වසමට අයත් පීඩිරූ වතුයායේ වසා දමා තිබු තේ කර්මාන්ත ශාලාවක ගබඩා කර තිබු කොහු බත් තොගයක් ගිනි ගෙන විනාශ වි ඇති බව නුවරඑළිය පොලිසිය පවසයි. ගින්නෙන් කර්මාන්ත ශාලාවටද අලාභ හානි සිදු වී ඇත. 13 February 2018
එජාප මන්ත්‍රී කාන්තාවකට පහර දුන්නැයි අක්මීමන විරෝධතා එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා කාන්තාවකට පහරදීමක් සම්බන්දයෙන් විරෝධය පළකරමින් මේවනවිට අක්මීමන කුරුදුවත්ත මංසන්දිය අවහිර කරමින් උද්ඝෝෂණයක් පැවැත්වේ. 13 February 2018
වෙන්නප්පුව සතිපොලේ වාහන වල ගුවන් විදුලි යන්ත්‍ර සොරකම් කරති වෙන්නප්පුව සතිපොළට භාණ්ඩ රැගෙන එන ලොරි රථවල හා වෑන් රථවල කැසට් රෙකෝඩර් හා යතුරු සෙට් සොරකම් කර අලෙවිකල අයෙකු සැකපිට අත්අඩංගුවට ගත්බව වෙන්නප්පුව පොලිසිය පවසයි. 13 February 2018
දුම්රිය මග පිරික්සන්න ගිය යන්ත්‍රය පීලි පනී දුම්රිය මාර්ගයේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා යොදා ගන්නා උපකරණ සහිත යන්ත්‍රයක් : ට්රෑම්පින් මැෂින්* බෙම්මුල්ල හා මගලෙගොඩ දුම්රිය ස්ථාන අතරදී පිලී පැනීමකට ලක්වීමෙන් අද උදෑසන දුම්රිය ගමනාගමනයට බාධා පැමිණියේයග 13 February 2018
දෙල්තොටදී තරුණයින් දෙදෙනෙකුට පිහිපහරක් දෙල්තොට වනහපුව ප්‍රදේශයේ මුස්ලිම් තරුණයින් දෙදෙනෙකුට තවත් මුස්ලිම් තරුණයෙකු එල්ල කල පිහිපහරකින් බරපතල කැපුම් තුවාල ලැබ ප්‍රතිකාර සඳහා අද (12) දෙල්තොට රෝහලට ඇතුල් කර තිබේ. 12 February 2018
හලාවත මාළු වෙළෙඳපොලේ බදු එකතු කිරීමේ ගැටුමක් හලාවත පොදු මාළු අලවි සැල තුළ පිරිසක් අද (12) බලහත්කාරයෙන් මුදල් එකතු කිරීමට සුදානම් වූ අවස්ථාවේදී හලාවත පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් මැදිහත්වී එය පාලනය කිරීමට කටයුතු කර තිබේ. 12 February 2018
අහංගමදී දුම්රියේ මෝටර් රථයක් ගැටෙයි මුහුදුබඩ දුම්රිය මාර්ගයේ අහංගම ගිනිවැල්ල දුම්රිය හරස් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ මෝටර් රථයක් අද (12) අනුරාධපුරයේ සිට මාතර බලා ධාවනය වෙමින් තිබූ රජරට රැජිණ දුම්රියේ හැපි ඇතැයි අහංගම පොලිසිය පවසයි. 12 February 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025