(දයාරත්න ඇඹෝගම)
ගලෙන්බිඳුණුවැව පඩිකාරමඩුව බමුණුත්තුව රක්ෂිතයෙන් බලපත් නොමැතිව රුපියල් ලක්ෂ තුන හමාරක පමණ තේක්ක දැව කපා ටැක්ටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු අද (14) දින උතුරු මැද පාළාත් භාර නියෝජ්‍ය පොලිස්පති නිතිඥ ප්‍රතාප් සඳුන්ගහවත්ත මහතාගේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක වන පළාත් විශේෂ වැටලිම් අංශයේ නිලධාරින් අත් අඩංගුවට ගෙන තිබේ.
උතුරු මැද නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු තොරතුරකට අනුව මෙම වැටලිම සිදු කොට තිබුණි.
පොලිස් ප්‍රකාශකයකු සඳහන් කර සිටියේ මෙම ජාවාරම පිළිබඳ අවස්ථා ගණනාවක් තමන්ට තොරතුරු ලැබී ඇති බවත් එම අවස්ථා කිපයේදීම මුරකාවල් යොදා තිබුනත් සැකකරුවන් සුක්ෂම අයුරින් මිදි ගිය බවත් අද(14) දින එක් සැකකරුවෙකු ඇතුළු රුපියල් ලක්ෂ තුන හමාරක පමණ තේක්ක දැව සහ ටැක්ටර් රථය අත් අඩංගුවට ගත හැකි වු බවයි.
මෙසේ බලපත් නොමැතිව කලක් තිස්සේ බමුණුත්තුව දැව රක්ෂිතයට හානි කොට හොර රහසේ පටවන දැව ප්‍රදේශය පුරා දැව මඩුවලට මුදලට අලෙවි කරණ බව තොරතුරු සොයාගත් බවත් මෙම සිද්ධියට ඇතැම් බලධාරින් ගේ සහාය ලැබි ඇති බවත් පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩි දුර පරික්ෂණ පැවැත්වීම සඳහා සැකකරු සහ තේක්ක ගලෙන්බිඳුණුවැව පොලිස් ස්ථානයට බාරදී තිබේ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
හොරට තේක්කක ඇද්ද සැකකරුවෙකු අත්අඩංගුවේ