චන්ද්‍ර සේන ගමගේ
අම්බලන්තොට ‘ඔච්චම‘ මුහුදු තීරයේ අද (13) දිය නෑමට ගිය 17 හැවරදි පිරිමි ළමයෙක් මුහුදේ ගසාගෙන ගොස් අතුරුදන්ව ඇතැයි අම්බලන්තොට පොලීසිය පවසයි.
අතුරුදන්ව ඇත්තේ අම්බලන්තොට මාමඩල ප්‍රදේශයේ පදිංචිව සිටි පිරිමි ළමයෙක් බව අම්බලන්තොට පොලීසිය පවසයි.
මිතුරන් කිහිප දෙනෙකු සමඟ ඔච්චම ප්‍රදේශයට පැමිණ මුහුදේ දිය නාමින් සිට ඇති අතර එකවරම මුහුදු රළකට හසුව අතුරුදන්ව ඇති ළමයා සමඟ තවත් අයෙකු මුහුදේ ගසා ගෙන ගිය බවත් එක් අයෙකු නැවත ගොඩට ගසා ගෙන ආ බවත් සිද්ධිය ඇසින් දුටුවෝ පවසති.
සිද්ධිය සම්බන්ධයෙන් අම්බලන්තොට පොලීසිය පරීක්ෂණ පවත්වන අතර හෙට (14) දිනයේදී පොලිස් කිමිදුම්බටයන් ගෙන්වා ළමයා සෙවීමේ කටයුතු ආරම්භ කරන බව පොලීසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
මුහුදේ දිය නෑමට ගිය 17 හැවරදි පිරිමි ළමයෙක් අතුරුදන්