IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


හලාවත මාළු වෙළෙඳපොලේ බදු එකතු කිරීමේ ගැටුමක්

ජූඩ් සමන්ත
 
හලාවත පොදු මාළු අලවි සැල තුළ පිරිසක් අද (12) බලහත්කාරයෙන් මුදල් එකතු කිරීමට සුදානම් වූ අවස්ථාවේදී හලාවත පොලීසියේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු නිලධාරීන් මැදිහත්වී එය පාලනය කිරීමට කටයුතු කර තිබේ.
 
හලාවත පොදු මාළු අලවි සැල හලාවත නගර සභාව පාලනය කරන  ලබන අතර,එහි බදු මුදල් අය කිරීමද සභා සේවකයින් සිදු කරණු ලබයි.
 
2017 වර්ෂයේ මාළු වෙළද පොල ටෙන්ඩර් කළ අවස්ථාවේදී පුද්ගලික ව්‍යාපාරිකයෙකු එය ලබා ගෙන තිබුණි.2018 වර්ෂය සඳහා ටෙන්ඩර් කැදවීමක් කළත් කිසිවෙකු ලංසු ඉදිරිපත් කර නොමැත.
 
දෙවැනි වතාවටත් ටෙන්ඩර්  කැඳවීමට නගර සභාව සුදානම් වන විට වයඹ පළාත් ප්‍රධාන ඇමතිවරයා නියෝග කර ඇත්තේ 2017 වර්ෂය තුළ ටෙන්ඩර් ලබා ගත් අයටම මාළු වෙළද  පොලේ බදු මුදල් අය කිරීමට ඉඩ ලබා දෙන ලෙසයි.
 
 
මැතිවරණ සමයක එවැනි තීරණයක් ගත නොහැකි බවට මැතිවරණ කොමසාරිස්වරයාට කිසියම් අයෙකු ලිඛිතව දැණුම් දී ඇති අතර.ඒ අනුව මැතිවරණ කොමසාරිස්වරයා ප්‍රධාන ඇමතිවරයාගේ නියෝගය අවලංගු 
කර මාළු වෙළද පොල තුළ බදු මුදල් අය කිරීම නගර සභාවට පවරා තිබේ.
 
 
මැතිවරණය අවසන් වීමත් සමඟ මාළු වෙළද පලට පැමිණ ඇති 2017 වර්ෂ සඳහා ටෙන්ඩර් ලබා ගෙන සිටි ව්‍යාපාරිකයා බදු මුදල් එකතු කරමින් සිටි නගර සභාවේ සේවකයාව පලවා හැර බදු මුදල් අය කිරීමට කටයුතු කර ඇත.
 
මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලක් අනුව ක්‍රියාත්මක වූ හලාවත පොලීසියේ නිලධාරීන් මාළු වෙළද පොලට ගොස්  බදු මුදල් අය කරමින් සිටි ව්‍යාපාරිකයා සහ ඔහුගේ ගෝලයින් පලවා හැර  මාළු වෙළද පලට පොලිස් ආරක්ෂාව සපයා තිබේ.



අදහස් (1)

හලාවත මාළු වෙළෙඳපොලේ බදු එකතු කිරීමේ ගැටුමක්

ජීවක Tuesday, 13 February 2018 04:28 AM

ඇයි පලවා හරින්න උන් මී මැස්සොද? ඇයි අත්අඩංගුවට ගත්තේ නැත්තේ පොලිසියෙන්? කප්පන් ගන්න එක එච්චරටම පොඩි දෙයක් වෙලාද ලංකාවේ දැන්?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 729 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2391 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site