රංජිත් රාජපක්‍ෂ
බගවන්තලාවේ සිට මස්කෙළිය දක්වා අධික වේගයෙන් ධාවනය වූ ත්‍රීරෝද රථයක් අනතුරට පත්විමෙන් එම ත්‍රීරෝද රථයේ ගමන් ගත් පස් දෙනෙකු බරපතල ලෙස තුවාල ලබා බගවන්තලාව ප‍්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පවසයි.
අද (13) පස්වරු 4.00 ට පමණ මෙම අනතුර සිදුවී ඇත්තේ හැටන් බගවන්තලාව ප‍්‍රධාන මාර්ගයේ නොර්වුඩ් සෙන්ජොන් ඩිලරි ප‍්‍රදේශයේදීය.
අධීක වේගයෙන් ධාවනය වි ඇති ත්‍රීරෝද රථය වංගුවක් පසුකර යෑමට උත්සහ කිරීමේදී වේගය පාලනය කර ගත නොහැකිව ප‍්‍රධාන මාර්ගය අභියස තිබූ පස් කන්ඩියක හැපි මෙම අනතුර සිදුවී ඇති බව අනතුර පිළිබඳ පරික්‍ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසයි.
ති‍්‍රරෝද රථය අනතුරට පත්වන අවස්ථාවේ එහි පස් දෙනෙකු ගමන් කර ඇති බවත් ඔවූන් බගවන්තලාව ප‍්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකට සහභාගිවී නිවස කරා යන අවස්ථාවේ මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය පවසයි.
තුවාල ලබා රෝහල් ගත කළ අයගෙන් එක් තුවාලකරුවෙකුගේ තත්ත්වය බරපතල බැවින් ඔහු දික්ඔය මුලික රෝහල වෙත මාරු කර යැවීමට කටයුතු කර තිබේ.
අධික වේගය සහ ති‍්‍රරෝද රථය පමණට වඩා මගින් සමඟ ධාවනය කිරීම මෙම අනතුරට හේතුව බව අනතුර පිළිබද පරික්‍ෂණ පවත්වන නොර්වුඩ් පොලිසිය පවසයි.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
නොර්වුඩ් ත්‍රීරෝද රථ අනතුරෙන් 5කට බරපතල තුවාල