ඩබ්ලිව්.ඒ. අසේල
දෙල්තොට වනහපුව ප්‍රදේශයේ මුස්ලිම් තරුණයින් දෙදෙනෙකුට තවත් මුස්ලිම් තරුණයෙකු එල්ල කල පිහිපහරකින් බරපතල කැපුම් තුවාල ලැබ ප්‍රතිකාර සඳහා අද (12) දෙල්තොට රෝහලට ඇතුල් කර තිබේ.
එම ප්‍රදේශයේ නිවසක තනිව සිටි මුස්ලිම් තරුණියක කෑ ගසන ශබ්දයක් ඇසී මෙම තරුණයින් දෙදෙනා එම නිවසට දිවගොස් ඇත.
එම නිවසට ගොස් සිටි වෙනත් තරුණයෙකු මෙම කාන්තාවට අතවර කිරීමට තැත් කිරීමේදි මෙසේ කෑ ගසා ඇති අතර ඔහුගෙන් ඇය බේරා ගැනීමට උත්සහා දැරීමේදි ඔහු අත තිබූ පිහියකින් මොවුනට පහර එල්ල කොට තිබේ.
එක් තරුණයෙකුගේ අතකට සහ කකුලකට කැපුම් තුවාල සිදුවී ඇති අතර අනෙකාගේ කොන්දට පිහි පහර එල්ල වි ඇත.
දෙදෙනාම දෙල්තොට රෝහලට ඇතුලත් කොට ඇති අතර කොන්දට පිහිපහර එල්ලවූ තරුණයාගේ තුවාල බරපතල බැවින් වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය රෝහලට මාරුකර යවා තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගලහ පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd