( සෙනරත් බණ්ඩාර )
අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමට එරෙහිව සහ සයිටම් ගැටළුවට විරෝධය පළ කරමින් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමය අද (15) ගලහා මංසන්දියේදී විරෝධතාවක් පැවැත්වීය.
සයිටම් අහෝසි කරන බව පවසමින් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කරමින් කටයුතු කර හොර රහසේ සයිටම් ස්ථාපිත කිරීමට රජය කුමන්ත්‍රණය කරන බව විරෝධතාකරුවෝ කීහ.
නිදහස් අධ්‍යාපනයත් නිදහස් සෞඛ්‍යයත් රැක ගැනීමට විරෝධතා කළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ලහිරු වීරසේකර , ටැම්පිටියේ සුගතානන්ද හිමි සහ කැළණි විශ්වවිද්‍යාලයේ සනත් බණ්ඩාර අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් කිරීමට එරෙහිව විරෝධය පළ කරන බව ඔවුහු පැවසූහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd