කේ බුද්ධික කුමාරසිරි
අතුරුගිරිය හොරහේන පුවක්ගහදෙනිය ප‍්‍රදේශයේ නිවසක සිටි 18 හැවිරිදි තරුණයෙකුට තවත් තරුණයෙකු මුහුනට සහ උදරයට තියුනු ආයුධයකින් කළ පහරදීමකින් බරපතල තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුලත් කිරීමෙන් පසු අද (15) මිය ගොස් ඇතැයි අතුරුගිරිය පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ තරුණයාට ඔහුගේ සහෝදරියක දහවල් ආහාරයද ලබා දී නිවසින් පිටව ගොස් ඇති අතර ඒ අතරතුර නිවසට පැමිණි තවත් තරුණයෙකු තියුණු ආයුධයකින් පහර දී පලායාමෙන් පසුව මිය ගිය තරුණයා නිවසින් එලියට විත් කෑ ගැසීමෙන් අසල්වාසීන් පැමිණ හෝමාගම රෝහලට ඇතුලත් කළද පසුව මිය ගොස් ඇති බව පොලිසිය පවසයි.
මිය ගිය තරුණයා සුරතල් මසුන් සහ පරෙවියන් ඇති කිරීම කරන බවත් මීට ඉහතදී පරෙවියන් සම්බන්ධව ගැටුම් ඇති වී ඇති බැවත් මෙම ඝාතනයද එවන් සිද්ධියක් නිසා සිදු වූවක් බවට සැක කරන බව පොලිසිය පවසයි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අද රට ගිිහින් තියෙන අගාධයේ තරම. මිනිහෙකුගේ ජීවිතයක් තුට්ටු දෙකක් වටින්නෙ නෑ