(සුමතිපාල දීයගහගේ )
කඩුවලින් කපා සිවු දරු පියෙකු ඝාතනය කිරිම සම්බන්ධයෙන් විත්තිකරුවන් සිවු දෙනෙකුට එරෙහිව පවරා තිබූ නඩුවේ තීන්දුව අද (15) ගාල්ල මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කළේය. ගාල්ල පුර්වගාමි, කලුතර මහාධිකරණ විනිසුරු කේ. බී. කේ. හිරිඹුරේගම මහතා තුන්වන සහ හතරවන විත්තිකරුවන් දෙදෙනා නිදොස් කොට නිදහස් කර දෙවන විත්තිකරුට මරණ දඩුවම නියම කළේය. වැලිවේරියගේ ටයිටස් නැමැති විත්තිකරුට මෙසේ මරණ දඩුවම නියම විය.
ගාල්ල බෝපෙ සපුමල් පෙදෙසේදී 1998 පෙබරවාරි මස 4 වන දින සුනිල් විජේරූප නැමැති අයට කඩුවලින් පහරදී ඝාතනය කිරිම සහ එම ක්‍රියා කලාපයේදීම තිලකා විජේරූප යන අයට කඩුවකින් පහරදී තුවාල සිදු කිරිම සම්බන්ධයෙන් බද්දේගම ගණිතගේ නීල්, වැලිවේරිය වර්ධනගේ ටයිටස්, ඇලබඩගේ ප්‍රියන්ත සහ ධනුෂ්ක විතාන යන විත්තිකරුවන් හතර දෙනාට විරුද්ධව ගාල්ල මහාධිකරණයේ අධි චෝදනා ගොනුකර තිබුණි.
නඩු තින්දුව ප්‍රකාශයට පත් කිරිමට පෙර පළමුවන විත්තිකරුවන බද්දේගම ගණිතගේ නීල් නැමැති අය මිය ගොස් ඇති අතර අනිත් විත්තිකරුවන් තිදෙනාට එරෙහිව නඩු විභාගය පවත්වා ගෙන යන ලදී.
විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ නන්දසිරි ගල්ඔලුව මහතා පෙනි සිටි අතර රජයේ අධිනිතිඥ කේ වී ඉන්දිකා මහත්මිය පැමිණිල්ල මෙහෙය වුවාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අවුරුදු විස්සකට පස්සේ තීන්දුව! අපරාධ නඩු මෙහෙම වෙන කොට . සිවිල් නඩු, ඉඩම් නඩු? අනේ අපෙ නීතිය මෙහෙයවන අය මොකටද පඩි ගන්නේ? මොන අධිකරණ අමතියද, මොන අධිකරණ කොමිසමද මේකට විසඳුමක් හොයන්න උවමනාවක් නැත්තේ? කියන්නේ නම් 'යුක්තිය ප්‍රමාද වීම යනු යුක්තිය ඉටු නොවීමයි' කියලයි. එක අපි දැනගෙන හිටියට ලොක්කෝ දන්නේ නැතුව ඇති.