බලපත් රහිතව එළ ගවයන් ප්‍රවාහනය කර දෙදෙනෙක් අත්අඩංගුවට කැකිරාව ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර රහිතව එළ ගවයින් 10 දෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ දෙදෙනෙක් අද (25) අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. 25 February 2018
පොල් ගස කැපීමට ගොස් පියා මරුට පන්නල - ඉදිමින්න ප්‍රදේශයේ පොල් ගසක් කැපීමට ගසට නැගී පුද්ගලයෙක් එම ගසෙන් වැටී බරපතල තුවාල ලබා සඳලංකාව දිසා රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඊයේ 24 මියගොස් ඇති බව පන්නල පොලීසිය කියයි. 25 February 2018
ඡායාරූප ශාලවට පැන දේපල සොරා ගත් අයෙක් අත්අඩංගුවට ගාල්ල සමුද්‍ර මාවතේ පිහිටි ඡායාරූප ශාලාවකට ඇතුලු වී රුපියල් හය ලක්ෂ පනස් තුන් දහසක් වටිනා දේපොල සොරකම් කිරිම සම්බන්ධයෙන් සැකකරුවෙකු අද (25) අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි. 25 February 2018
එළිවිටි මංසන්දියේ අනතුරිකින් 10 ක් තුවාල හලාවත - ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේදී අද (25) අලුයම සිදුවී ඇති අනතුරකින් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හලාවත පොලීසිය කියයි. 25 February 2018
ඇල්ලේ හෝටලයක සංචාරකයෙක් මරුට ඇල්ල නගරයේ සංචාරක හෝටලයක ලැගුම් ගෙන සිටි විදේශීය සංචාරකයෙක් මියගොස් සිටියදී ඊයේ (24) රාත්‍රී සොයා ගත් බව ඇල්ල පොලිසිය පවසයි. 25 February 2018
ගංජා රැගෙන සිරීපාදේ ගිය 20 ක් අත්අඩංගුවට හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදි ගංජා රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 20 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත. 24 February 2018
ඔච්චම වෙරළට සිරුරක් ගොඩගසයි අම්බලන්තොට වැලිපටන්විල ඔච්චම වෙරළට ගොඩගසා තිබූ දැඩි ලෙස නරක් වූ මිනිස් සිරුරක කොටස් කීපයක් අද (24) සවස හමුවූ බව අම්බලන්තොට පොලිසිය පවසයි. 24 February 2018
තැම්බූ හූනා ගෙනා තක්කඩියෝ දෙදෙනාම අසුවෙති තමන්ට කෑමට දුන් බත්පතේ මැරුණු හූනෙකු සිටි බවට බොරු රඟපෑමක් කර හෝටලයේ හිමිකරු බියවද්දා රුපියල් 3000 ක කප්පම් මුදලක් රැගෙන පලායමින් සිටි තරුණයෝ දෙදෙනෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 24 February 2018
දෙටගමුව වැව ගොඩවීමේ අවදානමක කතරගම දෙටගමුව වැව ජලජ පැලෑටි වලින් පිරී ගොස් ඇති බැවින් වැව ගොඩවීමේ තර්ජනයට මුහුණ පා ඇති බව ගොවීහු පෙන්වා දෙති. 24 February 2018
මහ රෑ නිවසට පැමිණි කිඹුලා අල්ලයි ගල්කිරියාගම කිරිඳිවත්ත කපුලන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි දැවැන්ත කිඹුලකු අල්ලා මින්නේරිය ජාතික උද්‍යානයට මුදා හැරීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද 24 කටයුතු කළහ. 24 February 2018
අල වගාවෙන් ඉවත්වන බවට ඌව ගොවියෝ අනතුරු අඟවති මෙරට ගොවීන් සිය අර්තාපල් අස්වනු නෙළන මේ දිනවලද ආනයනික අර්තාපල් තොග වෙළඳපොලට පැමිණීමෙන් දේශීය අර්තාපල් මිළ විශාල ලෙස පහළ බැස ඇති බවත් ඒ තත්වය මත ගොවීන්ට සිදුවන අලාභය වෙනුවෙන් වන්දි ලබාදීමට රජය පියවර නොගන්නේ නම් ඉදිරි යළ කන්නයේ සිට අර්තාපල් වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ඉහළ ඌව ගොවි සංවිධානය පවසයි. 24 February 2018
බෝලවත්තේ අනතුරකින් තවත් පාසල් සිසුවෙක් මරුට ඊයේ (23) රාත්‍රියේ බොරලැස්ස බෝලවත්ත මාර්ගයේ මිරිස්සන්කොටුව ප්‍රදේශයේ සිදු වු යතුරුපැදි පාපැදි අනතුරකින් පාසැල් සිසුවෙක් මියගොස් හතරදෙනෙක් තුවාල ලබා ඇති බව වෙන්නප්පුව පොලිස් රථවාහන අංශය පවසයි. 24 February 2018
වතුර නැතිව ගලේවෙල ගොවීන් අමාරුවේ ගලේවෙල මැදබැද්ද, දැඹව ආදි ප්‍රදේශවල අහස් දියෙන් වගා කෙරෙන කුඹුරු සියල්ලම ජලය නොමැතිවීම නිසා විනාශ වී ගොස් තිබෙන බව ඒම ප්‍රදේශවල ගොවීහු පවසති. 24 February 2018
අලවතුගෙඩ ගින්නකින් ජ්‍යෝතිෂඥයෙකු පිළිස්සී මරුට අලවතුගොඩ නගරයේ පිහිට නිවසක් තුල අද 24 අළුයම හට ගත් ගින්නක් හේතුවෙන් එම නිවසේ තනිවම ජීවත් වූ 68 හැවිරිදි ජ්‍යෝතිෂඥයෙකු මිය ගොස් තිබේ. 24 February 2018
පාපැදිය ගල්වලකට වැටී අයෙක් මරුට පා පැදියක් ගල් වලකට වැටීමෙන් එහි ගමන් කරමින් සිටි අය මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි. පසුගිය 23 වැනිදා රාත්‍රී 7.30 ට පමණ ආඩිගම - මදවක්කුලම,වැටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත. 24 February 2018
යතුරුපැදි අනතුරෙන් පාසල් සිසුවෙක් මරුට යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වයස අවුරුදු 16 ක් වන පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පල්ලම පොලීසිය කියයි. 24 February 2018
නීතිය සඟරාවේ 27 කලාපය එළිදකී ජ්‍යෙෂ්ඨ නීතී විශාරදයින්ගෙන් සමන්විත ‘නීතිය පදනම’ මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කෙරෙන ‘නීතිය’ සඟරාවේ 27 වැනි විශේෂ සංවත්සරික කලාපය එළිදැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සිදු කෙරිණ. 23 February 2018
කොරියන් භාෂා විභාග අයදුම්පත් සඳුදා සිට කොරියානු භාෂා ප්රවීනතා විභාගය සඳහා අයදුම්පත් නිකුත් කිරීම දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 18 කදී සඳුදා (26) සිට මාර්තු 02 වැනිදා දක්වා පෙරවරු 9 සිට පස්වරු 4 දක්වා සිදුකෙරෙන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය පවසයි. 23 February 2018
සදුන්පුර ත්‍රී රෝද රථ අනතුරින් අයෙක් මරුට මහියංගණ - පොළොන්නරුව ප්‍රධාන මාර්ගයේ සදුන්පුර පාලම අසලදී අද (23) උදෑසන හයට පමණ සිදුවූ ත්‍රි රෝද රථ අනතුරතින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව දෙහිඅත්තකණ්ඩිය පොලිය පවසයි. 23 February 2018
තංගල්ලේ වෙළඳසල් 12කට නඩු තංගල්ල නගරයේ හා ඒ අවට ප්‍රදේශයේදී ඊයේ(22) රාත්‍රී සිදුකළ රාත්‍රී වෙළදසල් හා ආපන ශාලා පරික්ෂාවකදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය සඳහා තබා තිබූ වෙළඳසල් 12 ක් සදහා නඩු පැවරිණි. 23 February 2018
පිංකැටෙන් මුදල් සොරා ගත් සෙබළා අත්අඩංගුවට පොලොන්නරුවේ ඓතිහාසික පුජා භුමියේ පිහිටි ගල්විහාරය රන්කොත් වෙහෙර සහ ථුපාරාමය ඇතුළු ස්ථාන තුනක පිං පෙටිටි වලින් මුදල් සොරකම් කළ 23 February 2018
ගින්නකින් ගිරිඋල්ල ආපන ශාලාවකට දැඩි හානි ගිරිඋල්ල නගරයේ ආපනශාලවක අද රාත්‍රී හට ගත් ගින්නකින් හේතුවෙන් එම ආපනශාලාවට දැඩි අලාභහානි සිදුව ඇති බව ගිරිඋල්ල පොලීසිය පවසයි. 22 February 2018
දේවාලයේ ගංජා වික්ක කපුවා කපෝති දේවාලයක යාග හෝම කරමින් ශ්රාස්ත්ර කියන මුවාවෙන් කාලයක් තිස්සේ ගංජා ජාවාරම් කළ පුද්ගලයකු ගංජා කිලෝවක් සමග අද සවස බෝගොඩදී අත් අඩංගුවට ගත් බව ඉමදුව පොලීසි කියයි. 22 February 2018
දඩයමේ ගිය හතර දෙනාට 220000ක දඩ බෙහෙත් කොටන තුවක්කු දෙකක් සහ වෙඩි බෙහෙත් රැගෙන නීති විරෝධීව මාදුරුඔය ජාතික වනෝද්‍යානයට ඇතුළුවූ බව කියන සිව් දෙනකුට දෙහිඅත්තකණ්ඩිය මහේස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය අද රුපියල් 220000ක දඩ නියම කළාය. 22 February 2018
75000ක කොස් දැව හොරෙන් අදිද්දී අල්ලයි රුපියල් 75000ක් පමණ වටිනා ඉරූ කොස් දැව තොගයක් අනවසරයෙන් ප්රවාහණය කළ බව කියන ටිපර් රථයක් ද දිවුලගලදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි. 22 February 2018
ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායමෙන් දන්ත සායනයක් අදට යෙදී තිබෙන බාලදක්ෂ ව්‍යාපාරයේ නිර්මාතෘ බේඩින් පවල් සාමිවරයාගේ 161 වැනි ජන්ම දිනය සහ මාර්තු දෙවැනිදාට යෙදී ඇති ගුවන් හමුදාවේ 67 වැනි සංවත්සරය සමරමින් ගුවන් හමුදා බාලදක්ෂ කණ්ඩායම විසින් සංවිධානය කළ දන්ත සායනයක් කොළඹ ගංගාරාම විහාර භුමියේදී අද (22) පැවැත්විණි. 22 February 2018
පොලිසියේ පැමිණිල්ලක් නැතිව රෝහලට ඇතුළත් කරන්න බෑ කියයි පොලිස් විශේෂ කාර්ය බළකා සාමාජිකයකුගෙන් පහරකෑ බව කියන ටිපර් රථ රියදුරකු රෝහලට ඇතුළත් කර ගැනීම ප්‍රතික්ෂේප කිරීමේ සිද්ධියක් ගැන සොයා බලන බව සුරියවැව රෝහලේ දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරීවරයා කියයි. 22 February 2018
ආණමඩුවේ නිධන් හෑරු 5ක් පොලීස් දැලේ ආණමඩුව - මැරුම්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක් තුළ නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන පස් දෙනෙකු ආණමඩුව පොලීසියේ නිලධාරීන් අද (22) අත්අඩංගුවට ගෙන ඇත. 22 February 2018
ආසියාවේ අපකීර්තිමත්ම අලි අනාථාගාරය පින්නවලලු ආසියාවේ වඩාත් සංචාරක ආකර්ශනය දිනාගත් අලි අනාථාගාර පහ අතර වඩාත් අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය ඇතුලු තවත් සංවිධාන දෙකක් ඒකාබද්ධව කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ. 22 February 2018
පදවීයේදී ජල ජීවී නිලධාරීන්ට ප්‍රහාරයක් නීති විරෝධී දැල් යොදා ගනිමින් පදවිය වැවේ සිදු කරන බව කියන මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට අද (22) ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ගොස් ඇත. 22 February 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025