අල වගාවෙන් ඉවත්වන බවට ඌව ගොවියෝ අනතුරු අඟවති
මෙරට ගොවීන් සිය අර්තාපල් අස්වනු නෙළන මේ දිනවලද ආනයනික අර්තාපල් තොග වෙළඳපොලට පැමිණීමෙන් දේශීය අර්තාපල් මිළ විශාල ලෙස පහළ බැස ඇති බවත් ඒ තත්වය මත ගොවීන්ට සිදුවන අලාභය වෙනුවෙන් වන්දි ලබාදීමට රජය පියවර නොගන්නේ නම් ඉදිරි යළ කන්නයේ සිට අර්තාපල් වගාවෙන් ඉවත් වීමට තීරණය කර ඇති බවත් ඉහළ ඌව ගොවි සංවිධානය පවසයි.