පුත්තලම - ජුඩ් සමන්ත
යතුරු පැදි දෙකක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවී ඇති අනතුරකින් වයස අවුරුදු 16 ක් වන පාසල් සිසුවෙකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව පල්ලම පොලීසිය කියයි.
පසුගිය 23 වැනිදා රාත්‍රී 7.45 ට පමණ පල්ලම - වතුපොල මාර්ගයේදී මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් මිය ගොස් ඇත්තේ පල්ලම - පොත්තුක්කුලම පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ ශ්‍යාල් දිසානායක නම් පාසල් සිසුවෙකි.
තුවාල ලබා ඇත්තේ පල්ලම - තෝරවටවන පදිංචිකරුවන් වන සුධීර යෙහාන් ෆෝන්සේකා සහ මාරසිංහ ආරච්චිගේ අජිත් කුමාර (අවු:52) නම්වූ දෙදෙනෙකි.
අනතුරින් තුවාල ලබා සිටි තිදෙනාවම එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.හලාවත මහා රෝහලේදී එක් අයෙකු මිය ගොස් ඇති අතර,අනෙක් දෙදෙනා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී.
අනතුරින් මිය ගොස් ඇති පාසල් සිසුවා එක් යතුරු පැදියක් පදවා ඇති අතර, තුවාල ලබා ඇති අයෙක්ද එම යතුරු පැදියේ ගමන් කරමින් සිට ඇත.අනතුරට පත්ව ඇති අනෙක් යතුරු පැදියේ ගමන් කරමින් සිට ඇත්තේ වයස අවුරුදු 58 ක් වන අය පමණි.
පල්ලම පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශණ කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd