(ජුඩ් සමන්ත)
හලාවත - ආණමඩුව මාර්ගයේ එළිවිටිය මංසන්ධියේදී අද (25) අලුයම සිදුවී ඇති අනතුරකින් 10 දෙනෙක් තුවාල ලබා රෝහල් ගත කර ඇති බව හලාවත පොලීසිය කියයි.
යතුරු පැදි තුනක්, ත්‍රී රෝද රථයක් සහ මෝටර් රථයක් (කාර්) එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇත.
අනතුරින් තුවාල ලබා සිටි අය හලාවත මහා රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව බරපතල තත්ත්වයේ පසුවූ එක් අයෙකු කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇත.
එළිවිටිය ප්‍රදේශයේ පැවති සංගීත සංදර්ශනයක් අවසන් වී ආපසු යමින් සිටි පිරිසක් මෙලෙස අනතුරට ලක්ව ඇති බව පොලීසිය කියයි.
හලාවත පොලීසියේ රථ වාහන අංශය වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd