(අනීෂා මානගේ)
තංගල්ල නගරයේ හා ඒ අවට ප්‍රදේශයේදී ඊයේ(22) රාත්‍රී සිදුකළ රාත්‍රී වෙළදසල් හා ආපන ශාලා පරික්ෂාවකදී පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවිය සඳහා තබා තිබූ වෙළඳසල් 12 ක් සදහා නඩු පැවරිණි.
තංගල්ල නගරයේ හා නගරය අවට ප්‍රදේශයේ ඇති රාත්‍රී ආපනශාලා හා වෙළදසල් මෙහිදී පරික්ෂාවට ලක් කෙරිණි. පස්වරු 7.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලයේදී වෙළඳසල් පරික්ෂාව සිදුකළ අතර මෙහිදී වෙළඳසල් හා ආපනශාලා 48 ක් පරික්ෂාවට ලක්කර පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවියට තැබූ වෙළඳසල් 12 ක් සඳහා නඩු පැවරීමටත් වෙළඳසල් හිමියන් 15 දෙනෙකුට තරයේ අවවාද කිරීමද සිදුකරන ලදී.
මෙම පරික්ෂාවේදී වෙළදසල්වල අලෙවියට තබා තිබූ ලේබල් රහිත බනිස්, මුද්‍රිත පත්තර මත තැබූ රෝල්ස්, කල් ඉකුත් වූ පැණි බීම, ව්‍යාජ ලෙස ඉදිරි දින යෙදූ මුදවපු කිරි, කුකුල් අසූචි තැවරුණු බිත්තර, ලේබල් නීති උල්ලංඝණය කර ඇසුරුම් කරන ලද යෝගට්, කල් ඉකුත් වූ කූනිස්සන්, නරක් වී තිබූ පළතුරු හා දීර්ඝ කාලයක් තිස්සේ ගබඩා කර තිබූ නරක් වූ කුකුල් මස් අත්අඩංගුවට ගත්හ. නරක් වී තිබී කුකුල් මස් එම ස්ථානයේදීම විෂබීජ නාශක යොදා විනාශ කරන ලදී.
2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
තංගල්ලේ වෙළඳසල් 12කට නඩු