රොමේෂ් ධනුෂ්ක සිල්වා
ජ්‍යෙෂ්ඨ නීතී විශාරදයින්ගෙන් සමන්විත ‘නීතිය පදනම’ මගින් වාර්ෂිකව ප්‍රකාශයට පත්කෙරෙන ‘නීතිය’ සඟරාවේ 27 වැනි විශේෂ සංවත්සරික කලාපය එළිදැක්වීම ශ්‍රේෂ්ඨාධිකරණයේදී අද සිදු කෙරිණ.
27 වසරක් තිස්සේ සිංහල භාෂාවෙන් ප්‍රකාශයට පත්කෙරෙන මෙරට එකම නීතී සඟරාව ලෙස සැලකෙන මෙහි නීතියේ විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් නීති විශාරදයින් විසින් ලියන ලද ලිපි , මෑත කාලයේ දුන් නඩු තීන්දු , පනත් ,නීති පුවත් ආදී බොහෝ වැදගත් ලිපි ඇතුලත් වේ.
මෙවර කලාපයේ මුල් පිටපත එහි කළමනාකාර කතෘ නීතීඥ මහේෂ් වාකිෂ්ඨ මහතා අගවිනිසුරු ජනාධිපති නීතීඥ ප්‍රියසාත් ඩෙප් මහතාට පිළිගැන්වීය. නීතිය පදනමේ අනුශාසක ජනාධිපති නීතීඥ උපාලි ඒ. ගුණරත්න, එහි සාමාජික සාමාජිකාවන් වන නීතීඥ රමිත දිසානායක , නීතීඥ තේජා ගුණසේකර සහ නීතීඥ සුභාෂිනි ජයලත් යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්වුහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාම නිවැරදි සඟරාවක්.