(අශෝක තිලකරත්න සහ විමල් ගරුසිංහ)
අම්බලන්තොට වැලිපටන්විල ඔච්චම වෙරළට ගොඩගසා තිබූ දැඩි ලෙස නරක් වූ මිනිස් සිරුරක කොටස් කීපයක් අද (24) සවස හමුවූ බව අම්බලන්තොට පොලිසිය පවසයි.
මෙම මිනිස් සිරුරේ කොටස් මීට දින 11 කට පෙර ඔච්චම මුහුදේ දිය නෑමට ගොස් අතුරුදහන් වූ වැලිපටන්විල පදිංචි 17 හැවිරිදි ධීවර තරුණයාගේ බවට පොලිසිය සැකකරයි.
එසේ හමුවූ මළ සිරුරේ කොටස් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා හම්බන්තොට මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී වරයා වෙත යොමුකොට ඇත.
අම්බලන්තොට පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd