බිඟුන් මේනක ගමගේ
ආසියාවේ වඩාත් සංචාරක ආකර්ශනය දිනාගත් අලි අනාථාගාර පහ අතර වඩාත් අපකීර්තිමත්ම ආයතනය පින්නවල අලි අනාථාගාරය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වන හා පරිසර විද්‍යා අධ්‍යයනාංශය ඇතුලු තවත් සංවිධාන දෙකක් ඒකාබද්ධව කළ පර්යේෂණයකින් හෙළි වී තිබේ.
රටවල් 35 කට අයත් සංචාරකයන් 279 ට ප්‍රශ්නාවලියක් යොමු කිරීමෙන් ලබාගත් කරුණු මත මෙම අනාවරණය සිදුකර ඇත.
මාස හයක කාලයක් තිස්සේ කෙරුණු මෙම පර්යේෂණයට ජෛව විවිධත්ව සංරක්ෂණ හා පර්යේෂණ කවය හා සංරක්ෂණ පර්යේෂණ ආයතනය ද එක්ව ඇත.
ලෝක සංරක්ෂණ සංගමයේ ආසියානු අලි පිළිබඳ විශේෂඥ කමිටුවේ ජර්නලයේ 47 වන කලාපයේ විද්‍යාත්මක පර්යේෂණ පත්‍රිකාව ලෙස මෙය පළ කර ඇත.
https://www.researchgate.net/publication/322799291_Visitor_Discontent_at_Five_Ex-Situ_Elephant_Conservation_Establishments_in_Asia
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd