ක.ග කරුණාරත්න
තමන්ට කෑමට දුන් බත්පතේ මැරුණු හූනෙකු සිටි බවට බොරු රඟපෑමක් කර හෝටලයේ හිමිකරු බියවද්දා රුපියල් 3000 ක කප්පම් මුදලක් රැගෙන පලායමින් සිටි තරුණයෝ දෙදෙනෙකු අද(24) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
තරුණයින් දෙදෙනාගේ තර්ජන වලට බියවී කප්පම් මුදල ලබාදුන් හෝටලයේ හිමිකරු ඔවුන් හෝටලයෙන් නික්ම ගිය පසු ආරක්ෂක කැමරා පද්ධතියේ රූප රාමු පරීක්ෂාකර බලද්දි එම තරුණයින් විසින් මරන ලද හූනෙකු රැගෙනවිත් කෑම පිඟානට දමන අයුරු දැක තිබේ.
පසුව ඔවුන් ලුහුබැඳ ගොස් අල්ලා ගස් බැඳ පොලිසියට බාරදී ඇත.
හෝටල් හිමියා ප්‍රදේශයේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරයාටද මේ පිළිබඳව පැමිණිලි කර ඇති අතර ඔහු පැමිණ පරීක්ෂා කර බලද්දී පිටතින් රැගෙන විත් කෑම පිඟානට දමා ඇත්තේ මරා තම්බන ලද හූනෙක් බවද හෙළිවී තිබේ.
හෝටල් හිමියා මුලා කොට රුපියල් 3000 ක කප්පම් මුදලක් ලබා ගත් බව කියන තරුණයින් දෙදෙනා මාතලේ නාවුල ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුහු තදින් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින බවත් හෝටල් හිමියා බියවද්දා ලබාගත් එම මුදල්ද මත්කුඩු මිලදී ගැනීම සඳහා ඊසි කෑෂ් ක්‍රමයට ගෙවීම් කර තිබෙන බවද පොලිස් පරීක්ෂණවලදී අනාවරණය කර ගැනීමට හැකි වූ බව විමර්ශන කටයුතු සිදුකරන පොලොන්නරුව පොලිසියේ නිලධාරීහු පැවසූහ.
ක්ලීන්ටෙක් ප්‍රයිවට් ලිමිටඩ් ආයතනය, සිය තිරසාරත්වයෙන් යුතු ගමන්මගේ සුවිශේෂ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් Zero Waste to Landfill (ZWL) සහතිකය දිනා ගැනීමට සමත් විය. සම
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
තැම්බූ හූනා ගෙනා තක්කඩියෝ දෙදෙනාම අසුවෙති
Nihaal Saturday, 24 February 2018 01:29 PM
සිම්පල් ඔය හුනාම මුන්ට කන්න දෙන්න ඕන.