(මොහොමඩ් ආසික්)
කැකිරාව ප්‍රදේශයේ සිට අකුරණ ප්‍රදේශයට බලපත්‍ර රහිතව එළ ගවයින් 10 දෙනෙක් ප්‍රවාහනය කරමින් තිබූ ලොරි රථයක් සමඟ දෙදෙනෙක් අද (25) අලවතුගොඩ පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
මහනුවර මාතලේ මාර්ගයේ රාජකාරි කටයුතුවල නියැලී සිටි පොලිස් නිළධාරින් විසින් මෙම ලොරි රථය පරීක්ෂාවට ලක් කර ඇති අතර එහි බලපත්‍ර රහිතව එළ ගවයින් දස දෙනෙකු ප්‍රවාහනය කරමින් තිබූ බව හෙළි වී තිබේ.
මොවුන් මාතලේ ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. ඔවුන් මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd