ජුඩ් සමන්ත
ආණමඩුව - මැරුම්ගොඩ ප්‍රදේශයේ පාළු නිවසක් තුළ නිධානයක් ගොඩ දැමීමට උත්සාහ කළ බව කියන පස් දෙනෙකු ආණමඩුව පොලීසියේ නිලධාරීන් අද (22) අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් නිලධාරීන් වැටලීම සිදු කරන විට පාළු නිවස තුළ අඩි 30 ක් පමණ කැණීම් කර තිබී ඇත අතර එම ස්ථානයේ තිබී වතුර මෝටරයක්,කැණීම් උපකරණ කීපයක්,පෙරේත තටු ඇතුළු භණ්ඩ රැසක් හා සැකකරුවන් පැමිණි බව කියන ත්‍රී රෝද රථ දෙකක්ද පොලිස් බාරයට ගෙන ඇත.
නිධානය ගොඩ දැමීමට උත්සාහ කිරීමේදී පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත්තේ මොනරාගල,නොච්චියාගම සහ මැරුම්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසක්ය.
සැකකරුවන් ආණමඩුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.
ඡායාරූප රෝවන් පෙරේරා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd