IMG-LOGO

2025 නොවැම්බර් මස 14 වන සිකුරාදා


පාපැදිය ගල්වලකට වැටී අයෙක් මරුට

පුත්තලම - ජුඩ් සමන්ත


පා පැදියක් ගල් වලකට වැටීමෙන් එහි ගමන් කරමින් සිටි අය මිය ගොස් ඇති බව පල්ලම පොලීසිය කියයි.
පසුගිය 23 වැනිදා රාත්‍රී 7.30 ට පමණ ආඩිගම - මදවක්කුලම,වැටිය ප්‍රදේශයේදී මෙම අනතුර සිදුවී ඇත.


අනතුරින් මිය ගොස් ඇත්තේ ආඩිගම - මදවක්කුලම,වැටිය පදිංචිකරුවෙකු වූ ඩී.එම්.සෙබස්තියන් (අවු:58) නම් අයෙකි.


පා පැදිකරු තමන්ගේ පා පැදියෙන් ගමන් කරමින් සිටින විට එය එක් වරම අඩි 200 කට වඩා ගැඹුරු ගල් වලට ඇද වැටී ඇත.අනතුරින් තුවාල ලබා සිටි පා පැදිකරුව එම අවස්ථාවේදීම හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇති නමුත් ප්‍රතාකර ලබමින් සිටින අතර තුර ඔහු මිය ගොස් ඇත.


අනතුර සිදුවී ඇත්තේ මිය ගොස් ඇති අයගේ නිවස ආසන්නයේදීමය.


වසර කීපයක් තිස්සේ ආඩිගම - වැටිය ප්‍රදේශයේ සිදු කරන කළු ගල් කැඩීම නිසා මේ වන විට ප්‍රදේශය පුරා විශාල ආගාධ නිර්මාණය වී ඇත.මෙම කළු ගල් වලට වැටීම නිසා ගෙවී ගිය මාස කීපය තුළ තිදෙනෙකු මිය ගියේය.පසුගිය වසරේදී මේ ආකාරයට අනතුරු රැසක් මෙම ගල් වලවල් හේතුවෙන් සිදුවී ඇති බව ප්‍රදේශවාසීන් කියති.


පවතින අනතුරු දායක තත්ත්වයට පිළියමක් ලෙස කුමන ආකාරයකට හෝ වේවා මෙම ගල් වලවල් වසා දැමීමට කටයුතු කරන ලෙස වගකිව යුතු අයගෙන් ගම්වාසීන් ඉල්ලා ඇතත් ඊට මේ වන තුරු පිළියම් ලැබී නැත.

 



අදහස් (0)

පාපැදිය ගල්වලකට වැටී අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 732 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2394 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1755 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site