(ගල්කිරියාගම කුෂාන් ජයවර්ධන)
ගල්කිරියාගම කිරිඳිවත්ත කපුලන්ද ප්‍රදේශයේ නිවසකට පැමිණ සිටි දැවැන්ත කිඹුලකු අල්ලා මින්නේරිය ජාතික උද්‍යානයට මුදා හැරීමට ගල්කිරියාගම වනජීවී කාර්යාලයේ නිලධාරීහු අද 24 කටයුතු කළහ.
කිඹුලා එම නිවසට ඊයේ 21 රාත්‍රීයේ පැමිණ ඇති බවට වනජීවී නිලධාරීහු අනුමාන කරති. නිවසට පැමිණි කිඹුලා අල්ලා ගසක ගැටගසා තැබීමට එම නිවැසියන් කටයුතු කර තිබිණ. නිවැසියන් ගල්කිරියාගම වනජීවී කාර්යාලයට ඒ බව දැනුම් දීමට කටයුතු කර තිබිණ. කිඹුලා දැක බලා ගැනීඹ සඳහා ප්‍රදේශවාසීන් විශාල පිරිසක් ද පැමිණ සිටියහ.ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂක ඩී රාමසිංහ මහතාගේ උපදෙස් අනුව ක්‍රියාත්මකව තිබූ එම කාර්යාලයේ වනජීවී නිලධාරීන් පිරිසක් හා එම කාර්යාලයට අනියුක්ත සිවිල් ආරක්ෂක නිලධාරීන් පිරිසක් මින් මද වේලාවකට පෙර කිඹුලා ආරක්ෂිතව ගල්කිරියාගම වනජීවී කාර්යාලයට රැගෙන ඒමට කටයුතු කළහ.
දිගින් අඩි 08ක් පමණ වන එම ගැට කිඹුලා හොදින් වැඩුනු එකෙකි. එම කිඹුලා මින්නේරිය ජාතික වනෝද්‍යානයට මුදා හැරීමට කටයුතු කරන බව ගල්කිරියාගම වනසත්ව අඩවි ආරක්ෂඛ ඩී රාමසිංහ මහතා අප කළ විමසීමකදී පැවැසීය.



2025 නොවැම්බර් මස 04
733
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මහ රෑ නිවසට පැමිණි කිඹුලා අල්ලයි