ජුඩ් සමන්ත
නීති විරෝධී දැල් යොදා ගනිමින් පදවිය වැවේ සිදු කරන බව කියන මසුන් මැරීමේ ජාවාරමක් වැටලීමට අද (22) ජල ජීවී වගා සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පිරිසක් ගොස් ඇත.
එම අවස්ථාවේදී මසුන් මැරීම සඳහා යොදා ගන්නා නීති විරෝධී දැල් තොගයක් පටවා ගත් කුඩා ප්‍රමාණයේ ලොරියක් පැමිණ ඇති අතර එම ලොරිය අත්අඩංගුවට ගැනීමට සුදානම් වන අවස්ථාවේදී එම නිලධාරීන්ට ප්‍රහාරයක් එල්ලවූ බව සිද්ධියට මුහුණ දුන් නිලධාරීන් කියයි.
ප්‍රහාරයෙන් තුවාල ලබා එක් නිලධාරියෙකු ප්‍රතිකාර සඳහා පදවිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර ප්‍රහාරයට සම්බන්ධ බව කියන සිව් දෙනෙකුව පදවිය පොලීසිය අත්අඩංගුවට ගෙන ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd