(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)
ගලේවෙල මැදබැද්ද, දැඹව ආදි ප්‍රදේශවල අහස් දියෙන් වගා කෙරෙන කුඹුරු සියල්ලම ජලය නොමැතිවීම නිසා විනාශ වී ගොස් තිබෙන බව ඒම ප්‍රදේශවල ගොවීහු පවසති.
මෙම ප්‍රදේශවල ගොවීන් සුපුරුදු පරිදි අහස් දියෙන් අක්කර දහස් ගණනාවක් දෙකන්නය වගා කරගෙන ජීවත් වන්නට හුරුපුරුදු වූ වෝ වෙති.
එහෙත් කන්න තුනක කාලයක සිට මෙම ගොවීන්ද අහස් දිය නොමැතිවීම නිසා වි වගාව සම්පූර්ණයෙන් ම විනාශ වූ බව ගොවීහු පෙන්වා දෙති .මෙවරද වසරේ මුල් කාලයේ වැසි බිංදු මහ පොළොවට පතිත වීමත් සමග ණය වී සිය ශ්‍රමය වගුරවමින් දරු පැටව්න්ට කැඳ උගුරක් බීමට හෝ ඔවුහු අහස බලාපොරොත්තුවෙන් හතරවෙනි කන්නටත් වගාව ආරම්භ කොට තිබිණි.
එහෙත් මෙම කන්නේද ගොවීන්ට සිදුව ඇත්තේ අහසින් ජලය නොමැතිවීම නිසා තම වී වගාව අතහැර දැමීමට ය. මේ වන විට කුඹුරු මැරී ගොස් ඇති අතර මැරී ගිය කුඹුරු වල ඇති වී ඇට කිහිපය කැඳ බීමට හෝ ගොවීන් එකතු කරමින් සිටින අයුරු මේ දිනවල දැක ගැනීමට හැකියාව ලැබිණි.
මෙම විනාශ වී ඇති ගොයමේ වී ඇට සොයමින් සිටින ගොවීන් අප සමග කියා සිටියේ මෙවර සිංහල අලුත් අවුරුද්ද සිහිනයක් ව පවතින බවත් තම ගම්මානවලට කොහා වෙනුවට කණකොකා හඬ ඇති බවය.එමෙන්ම නිසි ආකාරයෙන් ගොවි වන්දි ක්‍රමයක් පොහොර සහනාධාරයක් හෝ රාජ්‍ය නිලධාරීන්ගේ නිසි අවධානයක් හෝ නොලැබීම නිසා තම ගොවි ජනතාව දැඩි අසරණභාවයට පත්ව සිටින බව ඔවුහු වැඩිදුරටත් පවසති.
දඹුල්ල ඒකාබද්ධ ගොවි පදනමේ සභාපති සුනිල් රණවීර මහතා කියා සිටියේ දේශපාලන අධිකාරිය විසින් ගොවීන් ගේ ජීවිත බොල් වෙන්නට හැර තිබීම නිසා මේ තත්ත්වය උදා වී ඇති බව ය.
2025 නොවැම්බර් මස 04
731
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2394
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
වතුර නැතිව ගලේවෙල ගොවීන් අමාරුවේ