හැටන් සුදත් එච්. එම්. හේවා
හැටන් කොට්ඨාශ දුෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් කරන ලද සෝදිසි මෙහෙයුමකදි ගංජා රැගෙන ශ්‍රිපාදය වන්දනා කිරිමට පැමිනි පුද්ගලයන් 20 දෙනකු අත් අඩංගුවට ගෙන ඇත.
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ දියගල ප්‍රදේශයේදි හැටන් නිල සුනඛ අංශයේ නිල සුනඛ ක්‍රෝරාගේ සහය මත ශ්‍රිපාද වන්දනා කරුවන් රැගෙන පැමිනෙන රථ වාහන පරික්ෂාවට ලක් කිරිමේදි ගංජා නැමති මත් ද්‍රව්‍ය රැගෙන පැමිනි මෙම පුද්ලයන් 20 දෙනා මෙසේ අත් අඩංගුට ගෙන ඇත.
මෙම පරික්ෂාවන් 23 හා 24 යන දෙදින සිදුකර ඇති අතර 23වන දින පුද්ගලයන් 09 දෙනකුද 24වන දින පුද්ගලයන් 11 දෙනකුද මෙසේ අත් අඩංගුවට ගෙන ඇති අතර අත් අඩංගුවට ගන්නා ලද මෙම සැකකරුවන් හැටන් දිසා හා මහේස්ත්‍රාත් අධිකරනයට ඉදිරිපත් කිරිමට පියවර ගෙන ඇත.
හැටන් පොලිස් අධිකාරි පි. එම්. ආර්. අබේපිටිය මහතාගේ උපදෙස් මත හැටන් කොට්ඨාශ දූෂණ මර්ධන අංශයේ නිලධාරින් විසින් මෙම වැටලිම් සිදුකරන ලදි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd