චාමින්ද දිසානයක සහ සම්පත් පියනන්ද
බලංගොඩ පින්නවල ප්‍රධාන මාර්ගයේ ගුරුබැවිල පින්නකන්ද මංසංදියේ බෝක්කුවක් යට තිබි විශ්‍රමික ගුරුවරයකුගේ මළ සිරුරක් අද (18) පෙරවරැවේ දි පින්නවල පොලිසිය සොයාගෙන තිබේ.
මෙසේ මියගොස් ඇත්තේ 62 හැවිරිදි විවාහක හෙලපන්දෙනිය බොල්තුඹේ පදිංචි විශ්‍රමික ගුරුවරයෙකි.
මරණයට හේතුව මෙතෙක් අනාවර්ණය වි නොමැති අතර මරණය පිළිබඳය පශ්චාත් මරණ පරික්ෂණය අද (18) බලංගොඩ මුලික රෝහලේ දි පැවැත්විමට නියමිතව තිබිණි.
පින්නවල පොලිසිය සිද්ධිය පිලිබඳව වැඩිදුර පරික්ෂණ පවත්වයි .

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd