පුත්තලම - ජුඩ් සමන්ත.
පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 11 ක පවුල් 66436 ක පුද්ගලයින් 2,16,018 දෙනෙකු පීඩාවට පත්ව සිටින බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සඳහන් කරයි.
දිස්ත්‍රික්කයේ වෙන්නප්පුව සහ නාත්තන්ඩිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 02 ට හැර සෙසු සෑම ප්‍රදේශයකම ජනතාව නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.
ඒ අනුව නවගත්තේගම ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ පවුල් 6170 ක පුද්ගලයින් 18066 ක්ද,කරුවලගස්වැව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7162 ක පුද්ගලයින් 22497 ක්ද,පල්ලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7013 ක පුද්ගලයින් 22446 ක්ද පීඩාවට පත්ව සිටී. වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3181 ක පුද්ගලයින් 12796 ක්ද,මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7197 ක පුද්ගගයින් 22694 ක්ද පීඩාවට පත්ව සිටින බව ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
ආණමඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 10174 ක පුද්ගලයින් 26715 ක්ද,පුත්තලම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3458 ක පුද්ගලයින් 12259 ක්ද පීඩාවට පත්වී සිටින අතර,මුන්දලම ප්‍රාදේශීය ලේකම්
කොට්ඨාසයේ පවුල් 4194 ක පුද්ගලයින් 14206 දෙනෙකු නියගය හේතුවෙන් පීඩාවට පත්ව ඇත.ආරච්චිකට්ටුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 6591 ක පුද්ගලයින් 25628 ක්ද,හලාවත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 7769 ක පුද්ගලයින් 29252 ක් සහ මාදම්පේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පවුල් 3167 ක පුද්ගලයින් 9461 දෙනෙකු පීඩාවට පත්ව සිටින බවද දිස්ත්‍රික් ආපදා කළමණාකරන ඒකකය සදහන් කරයි.
පීඩාවට පත්ව සිටින ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06 ක ජනතාව සදහා පානීය ජලය බෙදා හැරීම මේ වන විට දිස්ත්‍රික් ආපදා සහන සේවා අංශය විසින් ආරම්භ කර ඇත.ඒ සදහා ජල බව්සර් 35 ක් යොදා ගෙන ඇති බවද දිසා ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේය.
දැඩි ලෙස නියගයට ගොදුරුවී සිටින ජනතාවට අවශ්‍ය සහනාධාර බෙදා දීමද ඉදිරි දිනවලදී ක්‍රියාත්මක කිරීමට නියමිත බව අප කළ විමසුමකදී පුත්තලම දිසා ලේකම් කාර්යාලයේ නිලධාරියෙකු කියා සිටියේය.
2025 නොවැම්බර් මස 04
729
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2391
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1755
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
පුත්තලමේ නියඟයෙන් ලක්ෂ 2 ක් පීඩාවට