රංජිත් රාජපක්‍ෂ
සති අන්ත නිවාඩුවට ශ්‍රිපාද වන්දනාවේ පැමිණි තරුණයන් විසිහත් දෙනෙකු මත්ද්‍රව්‍ය සමඟ සැකපිට අත්අඩංගුවට ගත් බව හැටන් පොලිසිය පවසයි.
හැටන් පොලිස් කොට්ඨාශයේ සුනඛ අංශයේ කෝරා සුනඛයාගේද සහයෝගය ඇතිව හැටන් කොටිඨාශ දුෂණ මර්දන ඒකකයේ නිලධාරින් හැටන් කොළඹ ප‍්‍රධාන මාර්ගයේ දියගල ප‍්‍රදේශයේදි සිදුකළ පරික්‍ෂාවකදි මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනිමට හැකිවී තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් ලග තිබී හෙරොයින් මිලිග‍්‍රෑමි 8 ක් කේරල ගංජා සහ නීති විරෝධී දුමිවැටි 27 ක් සොයා ගත් බව පොලිසිය කියයි.
සැකපිට අත්අඩංගුවට ගත් තරුණයන් පිරිස අද (18) හැටන් මහේස්ත‍්‍රාත්වරයා වෙත ඉදිරිපත් කරන බව හැටන් පොලිසිය කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd