හෙරොයින් සමග කොස්තාපල් අත්අඩංගුවට කලුතර පොලිස් කොට්ඨාෂයේ කොස්තාපල් වරයකු හෙරොයින් මත්කුඩු පැකට් 25ක් සමඟ අද (25) අත් අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 25 January 2018
හෙරෝයින් සමඟ කොන්දොස්තර පොලිස් දැලේ පුත්තලම සාලියවැව ප්‍රදේශයේදි හෙරෝයින් මිලි ග්රැම් 160 ක් සන්තකයේ තබා ගෙන සිටි ලංගම බස් කොන්දොස්තර වරයකු අද (25) අත්අඩංගුවට ගත් බව සාලියවැව පොලිසිය පවසයි. 25 January 2018
වන සත්ත්ව දඩයමේ ගිය දෙදෙනෙකු අත්අඩංගුවට හාන්තාන හා ගලහ ප්‍රදේශයන්හි රක්ෂිත වලට හොර රහසේ ඇතුළුවී වන සතුන් දඩයම් කළ බව කියන පුද්ගලයින් දෙදෙනෙකු බෝර තුවක්කුවක් හා වායු රයිෆලයක් සමඟ මහකන්ද හිඳගල ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් කණ්ඩායමක් අද (25) අත්අඩංගුවට ගෙන තිබේ. 25 January 2018
හැටන් රක්ෂිතයේ ගින්නක් අක්කර 15ක් විනාශයි හැටන් කොළඹ පැරණී මාර්ගයේ රක්ෂිතයක අද (25) හටගත් ගින්නකින් එම රක්ෂිතයේ අක්කර පහළොවක පමණ කොටසක් ගිණී ගෙන විනාශවී තිබේ. 25 January 2018
නරක් වු ආහර විකිණු අටකට දඩ මිනිස් ආහාරයට නුසුදුසු ආහාර නිෂ්පාදනය කිරිම අලෙවි කිරිම සහ අලෙවි කිරිමට ප්‍රදර්ශනය කිරිම ඇතුලු තවත් චෝදනා කීපයකට වැරදිකරුවන් වූ ගාල්ල නගරයේ ආපනශාලා හිමියන් අට දෙනෙකුට දඩ නියම කිරිමට ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් අසංගා හෙට්ටිවත්ත මෙනෙවිය අද (25) නියෝග කළාය. 25 January 2018
පස් කන්දකට දෙන්නෙක් බිලිවෙති බෙලිඅත්ත පොලිස් වසමේ ගැටමාන්න කොස් ගස් හන්දිය ප්‍රදේශයේ දී පස් කන්දකට යටවීමෙන් දෙදෙනකු අද (25) දහවල් මිය ගොස් ඇතැයි බෙලිඅත්ත පොලීසිය පවසයි. 25 January 2018
‘බෝපත්තලාව ගොවිපළෙන් පරිසර හානියක්‘ ජාතික පශු සම්පත් මණ්ඩලය යටතේ පාලනය වන රජයේ සත්ත්ව ගොවිපළේ මැරෙන ගවයන් හා ගව පැටවුන් වළ දැමීම වෙනුවට එම සතුන්ගේ සිරුරු තෘණ බිම්වලට ගෙනවිත් දැමීම නිසා බෝපත්තලාව රජයේ සත්ත්ව ගොවිපළේ විශාල දුගන්ධයක් හා විශාල පරිසර හානියක් සිදුවි ඇති බව එම සත්ත්ව ගොවිපළේ සේවකයෝ පවසති. 25 January 2018
තක්සේරු නිලධාරීහු සත්රයග්රහයක රාජ්‍ය තක්සේරුකරණය දියකරහැරීමේ කුමන්ත්‍රණයට එරෙහිව බව කියමින් තක්සේරු දෙපාර්තමේන්තුවේ බටහිර උතුර පළාත් කාර්යාලයෙහි කාර්ය මණ්ඩලය ගම්පහ දුම්රියපොල ඉදිරිපිටදී සහ උතුරු මැද තක්සේරු නිලධාරිහූ අනුරාධපුර ඩි.එස්.සේනානායක වටරවුම අසලදී අද (25) එක්දින සංකේතාත්මක සත්‍යග්‍රහයක් පැවැත්වූහ. 25 January 2018
බූරු පොලක 22ක් අත්අඩංගුවට ඉතා සූක්ෂම අයුරින් දංකොටුව පීරිස්වත්ත ප්‍රදේශයේ නිවෙසක කාලයක සිට පවත්වාගෙන ගිය මහා පරිමාණයේ බූරු පොලක් අද (25) අලුයම වටලා සැකකරුවන් 22ක් සමග විශාල මුදල් ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බව දංකොටුව පොලීසිය කියයි. 25 January 2018
නව පාලම ගැන ආණ්ඩුකාරයා වාර්තාවක් ඉල්ලයි කුරුවිට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එරත්නාගොඩ සහ උඩකඩ ගම් දෙක යාකර කුරු ගඟ හරහා ඉදිකරන නව පාලම පෞද්ගලික ඉඩමක කොටසකින් අනවසරයෙන් ඉදිකරන බවට එම ඉඩම්හිමියා විසින් කර ඇති දැනුම්දීම සම්බන්ධයෙන් වහාම කරුණු සොයා බලා ඉඩම් හිමිකරුට සහනයක් දිය හැකිදැයි දැනුම් දෙන ලෙස සබරගමු පළාත් ආණ්ඩුකාර මාර්ෂල් පෙරේරා මහතා කුරුවිට ප්‍රාදේශීය ලේකම්වරියට ලිඛිතව නියෝග කර තිබේ. 25 January 2018
ලංගම බස් රියකට කාක්කපල්ලියේදී ප්‍රහාරයක් මානලෙම්බුව සිට කොළඹ බලා ගමන් කරමින් තිබූ ලංකා ගමනා ගමන මණ්ඩලයේ හලාවත ඩිපෝවට අයත් බස් රථයකට කාක්කපල්ලිය දී ගල් ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි හලාවත පොලීසිය කියයි. 25 January 2018
වලවේ ගඟේ දිය නාමට ගිය තරුණයෙකු මරණයට බරවකුඹුක වැටියේදී මිතුරෙකු සමඟ වලවේ ගඟේ දිය නාමින් සිටි තරුණයෙකු අද (24) දියේ ගිලීමෙන් මරණයට පත් වූ බව අඟුණකොළපෑලැස්ස පොලිසිය පවසයි. 24 January 2018
හප්පිටියේ පුද්ගලයෙක් ඝාතනය කළ අයෙක්ට මරණ දඩුවම කිරිඳවැල හප්පිටිය ප්‍රදේශයේදී පුද්ගලයකුව පිහියෙන් ඇන ඝාතනය කිරීමේ චෝදනාවට වරදකරු වූ පුද්ගලයකුට වසර 12 කට පසු ගම්පහ මහාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අද (24) මරණිය දණ්ඩනය නියම කළේය. 24 January 2018
මුන්දලමදී දැව තොගයක් සමඟ දෙදෙනෙක් අත්අඩංගුවට මුන්දලම පොලිස් වසමට අයත් අගුණවිල-බරනන්කට්ටුව මාර්ගයේ පාලම අසලදී නීතිවිරෝධීව දැව තොගයක් ප්‍රවාහනය කරමින් තිබූ කැබ් රථයක් සමඟ සැකපිට පුද්ගලයන් දෙදෙනෙක් අද ( 24) අත්අඩංගුවට ගත් බව මුන්දලම පොලීසිය කියයි. 24 January 2018
ගංජා විකුණන්න උසාවි ආ අක්කා මලෝ අත්අඩංගුවට පුත්තලම අධිකරණ ඇතුළත ගංජා විකිණීමට පැමිණි අක්කා ,මල්ලී දෙදෙනකු ගංජා පැකට් සමග අත් අඩංගුවට ගත් බව පුත්තලම පොලීසිය කියයි. 24 January 2018
ලක්ෂ 42 ක් හබරාදුවෙන් කොල්ලකයි හබරාදුව පොලිස් වසමේ දෙනියවත්ත ප්‍රදේශයේ නිවසකට අද (24) ඇතුළුවූ පුද්ගලයන් දෙදෙනෙකු රිවෝල්වරයක් පෙන්වා බියගන්වා නිවසේ තිබු රුපියල් ලක්ෂ 42 ක මුදලක් පැහැරගෙන ගොස් ඇත. 24 January 2018
පැල්වෙහෙරේ ඉන්ධන බවුසරයක් පෙරළෙයි දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගය දඹුල්ල පැල්වෙහෙර ප්‍රදේශයේදී අද (24) ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා ගමන් කරමින් තිබූ බවුසර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පාලමක ගැටී බවුසර් රථය මාර්ගය අසල පිහිටි නිවසක් ආසන්නයේ නැවතී තිබේ. 24 January 2018
නාවික හමුදා බෆල් රථයේ වැදී දැරියක් මරුට යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී අද (24) උදෑසන නාවික හමුදා බෆල් රථයකට පාපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකු වැදීම හේතුවෙන් වයස අවුරුදු 9 ක දැරියක් මියගොස් තවත් අයකු බරපතල තුවාල සිදුව ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි. 24 January 2018
සූදු කෙළියේ සිටි අටක් අත්අඩංගුවට මාරවිල - තල්විල, අගාර පාරේ නිවසක් පිටුපස පවත්වා ගෙන ගිය සූදු පිටියක් වටලා කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි පුද්ගලයින් 6 දෙනෙකුව අත්අඩංගුවට ගත් බව මාරවිල පවසයි. 24 January 2018
පුරාවිද්‍යා භුමියේ කැලෑවකින් මළ සිරුරක් පොලොන්නරුව, හතමුණ හරහා හිඟුරක්ගොඩ මාර්ගයට නුදුරුව පිහිටි පුරාවිද්‍යා භූමියට අයත් කැලෑවේ තිබී ගසක එල්ලෙමින් තිබූ පුද්ගල මළ සිරුරක් අද(24) හමුවූ බව පොලොන්නරුව පොලිසිය කියයි. 24 January 2018
ගොඩනැඟිලි නැතැයි කියමින් දරුවන් පාසල් නොයවති තම දරුවන්ට ඉගෙනීමට ගොඩනැගිලි පහසුකම් නැති බව කියමින් ගලහ ෂන්මුගා දෙමළ විද්‍යාලයේ සිසුන් පාසල් නොයැවූ දෙමාපියෝ අද දෙවැනි දිනටත් විරෝධය පළ කළහ. 23 January 2018
දළ පූට්ටුවා මැරීමේ සිද්ධියේ සැකකරුවකුට ඇප ගල්ගමුවේ දළ පූට්ටුවා මරා දැමීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින හත් දෙනා ඇප මත මුදා හරින්නැයි නීතීඥයින් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහව අතිරේක මහේස්ත්‍රාත් රසික මල්ලවආරච්චි මහතා හත් වැනි සැකකරු පමණක් ඇප මත මුදා හරීමට නියෝග කළේය. 23 January 2018
බෙහෙත් කොටන තුවක්කු දෙකක් හුංගමින් හුංගම බටඅත කර්මාන්ත පුරයේ කැළෑ බද ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෙරට සාදන ලද ගිණි අවි දෙකක් සමඟ පුද්ගලයෙකු (23) අත්අඩංගුවට ගත් බව හුංගම පොලිසිය කියයි. 23 January 2018
ගම්සභා හන්දියේ ඉන්ධනහලට සීල් තබයි පෙට්රල්වලට භූමිතෙල් කලවම් කර විකුණන බවට ලැබුණු පැමිණිලි මත නුගේගොඩ ගම් සභා හන්දියේ පිහිටි සිපෙට්කෝ ඉන්ධන පිරවුම්හලේ පෙට්‍රල් පොම්පවලට සහ භුගත පෙට්‍රල් ගබඩා ටැංකියට සීල් තැබු බව බනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. 23 January 2018
ලබුදුව උසස් තාක්ෂණ සිසුන් උද්ඝෝෂණ පාගමනක ලබුදුව උසස් තාක්ෂණ ආයතනයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 3000 කට ආසන්න පිරිසක් අද (23) රජයට විරෝධය පළකරමින් උද්ඝෝෂණ පාගමනක් පැවැත්වීමට නියමිතය. 23 January 2018
පොළොන්නරුව පෞද්ගලික බස් වැඩ වර්ජනයක උතුරු මැද පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය මගින් නීතිවිරෝධී ලෙස මාර්ග බලපත්‍ර නිකුත් කිරීම සහ දීර්ඝ කිරිම, අසාධාරණ ලෙස ගාස්තු හා දඩ මුදල් ආදිය අයකරන බව පවසමින් පොලොන්නරුව නාගරික හා ජනපද බස් රථ ධාවකයින්ගේ සංගමය අද (23) පෞද්ගලික බස් වැඩ වර්ජනයක් ඇරඹුහ. 23 January 2018
කෑමට නුසුදුසු ආහාර විකිණු ආපනශාලා 9 ක් වටලයි ගාල්ල නගරයේ ආපනශාලා 21 පරික්ෂා කළ මහජන සෞඛ්‍ය පරික්ෂකයින් කණ්ඩායමක් මිනිස් ආහාරයට නුසුදුසු ආහාර විකිණීම ඇතුලු තවත් චෝදනා රැසකට සම්බන්ධ ආපන ශාලා නවයක් අද (22) වටලා ඇති බව පොලිසිය පවසයි. 22 January 2018
වලස්මුල්ලේ අනතුරකින් දෙදෙනකු මරුට වලස්මුල්ල මාතර මාර්ගයේ නතුවල ජූලෙ හන්දියේදී අද දහවල් සිදුවූ අනතුරකින් තරුණයන් දෙදෙනකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 22 January 2018
නාඋල නිවසකට ගිනි තැබීමක් නාඋල නගරයේ පිහිටි නිවසකට කිසියම් අයෙකු ගිනි තබා සම්පූර්ණයෙන්ම විනාශ කර ඇතැයි නාඋල පොලිසිය කියයි. 22 January 2018
හැටන් වතුයායේ වතුකම්කරුවෝ උද්ඝෝෂණයක නොර්වුඩ් පොලිස් වසමට අයත් වෙන්චර් වතුයායේ වතුකම්කරුවන් පරිපාලනයට එරෙහිව අද (22) වතුයායේ තේ කර්මාන්ත ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක නිරත වුහ. 22 January 2018
මුහුදේ පාවෙමින් තිබු විනාශ වු යානයක කොටස් හමුවෙයි සාම්පූර්, මලෙයි මුන්දල් නාවික කදවුරට ආසන්න මුහුදේ පාවෙමින් තිබූ පුපුරා ගිය හෝ විනාශ වී ගිය බවට සැක කරන රොකට්ටුවක හෝ ගුවන් යානයක කොටස් කිහිපයක් ඊයේ (28) ධීවර පිරිසක් විසින් සොයාගෙනතිබේ.. 29 December 2025