(රොමේෂ් මධුෂංඛ)
යාපනය පුන්කුඩතිව් ප්‍රදේශයේදී අද (24) උදෑසන නාවික හමුදා බෆල් රථයකට පාපැදියක ගමන් කරමින් සිටි දෙදෙනෙකු වැදීම හේතුවෙන් වයස අවුරුදු 9 ක දැරියක් මියගොස් තවත් අයකු බරපතල තුවාල සිදුව ඇති බවට චුන්නාකම් පොලීසිය පවසයි.
චුන්නාගම් මාර්ගයේ රෝමානු කතෝලික විදුහල අසලදී පාපැදියක මාමා සහ දුව ගමන් කරමින් සිටින අතරතුරදී නාවික හමුදාවට අයත් බෆල් රථයක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
මෙලෙස මිය ගොස් ඇත්තේ 9 හැවිරිදි පුන්කුඩතිව් 12 කොටසේ පදිංචි කිරුලානන්දන් කේෂලා වන අතර බරපතල තුවාල ලබා ඇත්තේ මිය ගිය දැරියගේ මාමා වන එම ප්‍රදේශයේම පදිංචි කදිරේෂණ් සදීස්වරන් වන අතර ඔහු මේ වන විට යාපනය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පාසල් අසලින් යන වාහන වේගය අඩු කල යුතු බව කවුරුත් දන්නා දෙයක්. අඩු වශයෙන් දැන්වත් පාසල් අසල වේග සීමා පුවරු සවි කිරීමට පියවර ගත්තොත් හොඳ දෙයක්.