පුරාවස්තු සොරකමකට සැලසුම් හැදූ 9කට දඩ
පුරා වස්තු පැහැර ගැනීමේ අරමුණින් තලාව කුරුඳුවැව ප්‍රදේශයේ පුරාවිද්‍යා බිමක කැනීම් කළ බවට අධිකරණය හමුවේ චෝදනා ලබා සිටි සැකකරුවන් 5 දෙනකු සහ සැකකාරියන් 4 දෙනකු එකී චෝදනාවට වරද පිළිගැනීමෙන් අනතුරුව ඔවුනට මුදලින් රුපියල් 4,50,000ක දඩයක් තඹුත්තේගම මහේස්ත්‍රාත් චමිලා නදීෂානී මහත්මිය අද (18) නියම කළාය.